උණුසුම් පුවත්

වැලිකන්දේදී ජිප් රියක් දුම්රියක ගැටී රියැදුරු තුවාල ලබයි

මඩකලපුවේ සිටි පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට ඊයේ ( 12)  සවස 4.00 ට පමණ වැලිකන්ද දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් ගත් ජීප් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් යුවළගෙන් රියැදුරු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වැලිකන්ද මොනරතැන්න පදිංචි දෙදරු පියෙකි. ඔහුගේ කැබ්රියෙන් පැන ජීවිතය බේරාගෙන ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන මොහොත වනවිට අනාරක්ෂිත දුම්රිය මාර්ග බාධකයේ මුරකරු නොසිටි බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.