උණුසුම් පුවත්දේශපාලන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

අල්ලා ගෙන ඇත්තේ මහරගම නාවින්නේ දී

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බවට විශ්වාස කරෙන වෙඩික්කරු ලෙස සැකකරන පුද්ගලයා  අද (26) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොහු අත්අඩංගුවට ගන්නා ලද්දේ මහරගම, නාවින්න ප්‍රදේශයේදී යැ යි ද වාර්තා වේ.

වික්‍රමසේකර මහතා සාහසික අයුරින් වෙඩික්කරුවකු විසින් ඝාතනය කරන ලද්දේ 2025.10.22 වන දින ය. අද සැඳෑවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මිදිගම දී සිදු කරන ලදි.

අද අලුයම කැකිරාවේ දී ලසන්ත ඝාතනයට සම්බන්ධයැ යි සැකකරන පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවක් ද පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා හමුදාව විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මෙහෙයුමේ දී එක් සැකකරුවකු පොලිස් නිලධාරීන් හා පොරබදා පලා ගිය බවත් ඔහු අල්ලා ගැනීමට මහජන සහාය පොලිසිය අපේක්ෂා කරන බවත් පවසමින් ඔහුගේ ඡායාරූප දෙකක් ද මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාන්ලාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කරන ලද විමර්ශන කටයුතු තව දුරටත්  පැවැත්වෙමින් ඇත.