උණුසුම් පුවත්කාලීනපරිසරය

වැස්ස වැඩිවේවි

අකුණු අනතුරු වළක්වා ගන්න කාලගුණේ කියයි

වර්ෂාව ඉදිරි දින කිහිපයේ දී වැඩි වෙතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙහිර,  පළාත්වල ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර,  සබරගමුව සහ දකුණු පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමටර් 100 ඉක්මවූ වැසි ඇදහැළිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි ඇති සමහර අවස්ථාවල සුළඟ රළු බවක් පෙන්නුම් කරයි. සුළඟින් සහ අකුණු වලින් සිදුවන අනතුරු වළක්වා ගන්නට පියවර ගන්නා සේ කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට දන්වයි.