18 ට විත්ති වාචකය ඉදිරිපත් කරන්න - චමරී වීරසූරිය මහත්මිය දන්වයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පිළේ, දුමින්ද දිසානායක වැඩ බලන මහ ලේකම්වරයා විසින් එම පක්ෂයේ මෛත්රී පිළේ වැඩ බලන සභාපති හා ලේකම් ධූර දරනා ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට හා වැඩබලන මහ ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහතාට එරෙහිව ඉදිරිපත් කරැති පෙත්සමින් ඉල්ලා තිබූ වාරණ නියෝගය මේ මස 28 දා දක්වා තව දුරටත් අධිකරණය විසින් දිගු කරන ලදි.
ඒ අද (14) එකී පෙත්සම පිළිබඳ විභාගයට යළි කැඳවූ අවස්වේ දී ය. කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය මේ පෙත්සම යළි සලකා බැලීමෙන් අනතුරුව ය.
විත්තියේ වාචික ඇත්නම් මේ මස 18 ට උසාවියට ඉදිරිපත් කරනා සේ ද වීරසූරිය මහත්මිය සඳහන් කළා ය.