හෙළ කලාකෙත අස්වද්දන්නට කැප වූ නිර්මාණකරුවන් ට දිරි දෙන විදුදයේ සැමට හෙළදිව සුබ පැතුම්!
2025 වසරේ සාහිත්‍ය මාසය අද දවසෙන්උදාවීමත් සමඟ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය විසින් වසරක් පාසා පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - ප්රදානය 2025 අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඒ ඒ සරසවියේ පාලනාධිකාරිය වැඩ අරඹමින් සිරිලක කලාකෙත අස්වැද්දුමට සාහිත්යකරුවට දිරිය තව තවත් එන්නත් කරමිනි.
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය ගිනිකටුවැවේ විපුල හිමිපාණන් ගේ "සිංහල අක්ෂර වින්‍යාසය අර්බුද, ප්‍රවාද සහ යෝජනා" ය
වසරේ විශිෂ්ටතම නවකතාව - මහින්ද චන්ද්‍රසේකර ගේ ''වාපි" ය.
වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය - එරික් ඉලයප්ආරච්චි ගේ ''මහජන ෆාමසිය" යි
වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය - ඉම්රාන් කීර්ති ගේ ''මදුරාවතී නම් තරු රටාව" යි
වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය - සුනෙත් රූපසිංහ ගේ " පුදසුනක නිසල බව" යි.