වෙසක් පෝදා පින්කම්වලටත් බාධා. විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලි විසංධිතා
වෙසක් පුන් පොහෝ දිනයේ බටපොළ සහ තදාසන්න ප්රදේශ රාශියක ජනතාවට ජලය සහ විදුලිය නොමැතිව ගත කිරීමට සිදුව තිබේ.
බද්දේගම ජල පවිත්රාගාරයට සැපයෙන විදුලි සම්බන්ධතාව විසන්ධි වීමෙන් ජල සැපයුම අත් හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය මඟින් ජල පාරිභෝගිකයන්ට දුරකථන ඔස්සේ පණිවිඩය ක් මාර්ගයෙන් දැනුම් දී තිබේ.
ප්රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලිය විසන්ධි වීමෙන් විහාරස්ථාන වල ආගමික කටයුතු වලටද බාධා පැමිණ තිබේ
- ලාල් ගොඩගේ -