ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

විදුලි ගාස්තු සඳහා ජනතාවට ලබාදෙන සහනය කිසිසේත්ම අඩපණ කරන්නෙ නෑ. –

රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ගේ මාධ්‍ය සාකච්ඡාවෙන්...

විදුලි ගාස්තු සඳහා ජනතාවට ලබාදෙන සහනය කිසිසේත් ම අඩපණ නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයනට ප්‍රසාද දීමනා ලබාදීම නිසා  ජනතාවට ලබාදෙන සහනය කිසිසේත්ම අඩපණ නොවන බව යි ඔහු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුර ලෙස දක්වන ලද්දේ.

විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් දෙසැම්බර් 06 වනදා වන විට මහජන උපයෝගිතා කොමිෂමට ලබා දෙන්නේ යැ යි ද   හෙතෙම කී ය. ඒ මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.

විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති හා එහි පාලනාධිකාරිය අතර, කිසිදු සබඳතාවයක් නොමැති බවත් වෛද්‍ය ජයතිත්ස මහතා ප්‍රකාශ කරයි. විදුලි ගාස්තුවල යම් අඩු කිරීමක් සිදුකළ හැකි බවද කී නව සෞඛ්‍ය හා ජනසන්නි‌වේදන අමාත්‍ය ධූරන්ධර රජයේ මාධ්‍ය ප්‍රකාශක   ජයතිස්ස මහතා, මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට එම යෝජනා ලබාදීමට නියමිත බවත්  කීවේ ය.