ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

විදුලිය මිල ඉහළට

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒකක 30 ට වඩා අඩු ගෘහස්ත කාණ්ඩවලට 8% ක් වැඩිවීමක් සිදුව ඇත්තේ ය. ඒ අනුව රු 75 ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80 ක් බවට පත්වේ.

ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2 කින් ඉහළ නංවා ඇත්තේ ය. නව මිල රුපියල් 8 කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10 කින් ඉහළ යනු ලබන අතර එය රු 210 ක් බවට පත් වේ.

ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ.

ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2220 දක්වා ඉහළ ගොස් තිබේ. ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840 කට සීමා වෙයි.  ඒකක 180 ට වැඩි කාණ්ඩයට රු 2220 කට සීමා වේ.

ඒකක 180 ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.

පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව කර්මාන්ත අංශයට  ඒකක 300 ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4 කින් සහ මාසික ගාස්තුව රු 50 කින් ඉහළ යනු ඇත.