විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර, වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රු. 450000 කමුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවා ගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසයි කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
 
            