මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනතට විපක්ෂයේ පක්ෂ නායකයෝ විරුද්ධ වෙති
ආණ්ඩුව විසින් අද සහ හෙට යන දෙදින තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලදී.
මීට පෙර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පනත් කෙටුම්පත කඩිනමින් කැඳවීමකින් තොරව සමාජයේ සෑම පාර්ශ්වයකගේම අදහස් මත පදනම්ව නැවත සකස් කර ලෙස ඉල්ලා කතානායකවරයාට ලිපියක් යොමු කරමින් කර තිබුණි.
එසේම අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන ලෙසයි. ඒ අනුව පක්ෂ නායකයන් රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත මේ අවස්ථාවේ කැඳවීම නොකරන ලෙස විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් ඉල්ලීමක් කර තිබේ.
මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ කෙටුම්පත විවාදයට ගැනීමට පෙර පක්ෂ නායක රැස්විමක් කැඳවන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ කෙටුම්පත විවාදයට ගැනීමට පෙර පක්ෂ නායක රැස්විමක් කැඳවන බවට කතානායකවරයා තීන්දුවක් දුන් බවත් එම නිසා එම පක්ෂ නායක රැස්වීම කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.