ආර්ථිකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණය

විශ්වවිද්‍යාල නගර දෙකක්

ගම්පහ කෑරගල එකක් - අනෙක හම්බන්තොට සූරිය වැව

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට කැඳවා ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ කෑරගලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරිය වැවත් ආරම්භ කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇත. 

ගම්පහ කෑරගල විශ්වවිද්‍යාල නගරය උදෙසා අක්කර 125 ක භූමිභාගයක් වෙන්කොට ඇත. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 370 ක ආයෝජනයක් ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි. 

ඇමරිකානු ඩොලර් මිලියන 640 ක ආයෝජනයක් හම්බන්තොට සූරිය වැය විශ්වවිද්‍යාල නගරය වෙනුවෙන් මණ්ඩලය අපේක්ෂා කෙරේ. අක්කර 250 බිමක් ඊට වෙන්කර ඇත. 
කෑරගල විශ්වවිද්‍යාල නගරය තුළ සරසවි 5 කට පහසුකම් සැපයේ. 
පළමු ඒකාබද්ධ විශ්වවිද්‍යාල නගරය ලෙස සූරිය වැව ව්‍යුහගත කරමින් එහි උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු ආයතන කර්මාන්ත සඳහා පර්යේෂණායතන හා ඩිජිටල් ඉගෙනුම් වේදිකා නිර්මාණය කිරීම ට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි. 

ශ්‍රී ලංකාවේ අධාපන ක්ෂේත්‍රය නැංවීම සඳහා දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණ වී ඇත. විදේශීය අධ්‍යාපනය ලැබීමට යන ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් මෙහි ම නරත කර ඔවුන් මේ විශ්වවිද්‍යාලවලට නතුකර ගැනීමෙන් වසරකට විදේශවලට ඇදෙන විදේශීය විනිමය විශාල වශයෙන් ඉතිරි කරගත හැකි වෙතැයි හේරත් මහතා කියයි. 

එමෙන්ම විදෙස් සිසු සිසුවියන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ගෙන්වා ගැනීමෙන් මහත් විදේශ විනිමය ආදායමක් උපයා සපයා ගත හැකි බව ද හෙතෙම සඳහන් කරයි. 

අයෝජන මණ්ඩලයේ උසස් නිලධාරීන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා දේශීය මෙන් ම ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන 16 ක ප්‍රධානීන් ගේත් නියෝජිතයින්ගෙත් සහභාගිත්වයෙන් මේ ගැන පසුගියදා සාකච්ඡාවක් පවත්වන ලද බව ද හේරත් මහතා පැවසී ය.