22 ක් මරුමුවට
2025 වසරේ මේ වන විට ගෙවී ගිය මාස තුනක කාලයේ දී වෙඩි තැබීමේ සිද්ධී වැළක් අපරාධකරුන් විසින් සිදු කර ඇත. ගණනින් එය විසි හතකි.
මේ වෙඩි තැබීම් වලින් පුද්ගලයෝ 22 ක් මරුමුවට පත්වූහ.
පොලිස් වසම් 17 කින් මේ වෙඩි තැබීම් වාර්තා විය.
ඒවා අතර අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රත් අධිකරණය ඇතුළේ දී රටේ නම ගිය පාතාල අපරාධකාරයකු වූ ද මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වූ ද ගණේමුල්ලේ සංජීව ගේ ඝාතනයත් ඊට පෙර මිද්දෙණියේ දී සිදු කරන ලද පියකු, පුතකු හා දියණියක ගේ ත්‍රිත්ව ඝාතනයත් ඇතුළු මේ වෙඩි තැබීම් වැළට එකතු කෙරුණු සිද්ධිය ඊයේ දෙවුන්දර දී තරුණයින් දෙන්නකු වෙඩි තබා ඝාතනය කිරීමයි.
ඒ දෙවුන්දර ෙඑතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඉදිරිපිට දී ය. ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිද්ධ කර ඇතැ යි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ගන්දර පොලිසිය කියයි. පනස් ලක්ෂයක මුදලක කොන්ත්‍රාත්තුව කරන ලද වෙඩික්කරුවන්ට එය පවරා ඇත්තේ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු යැ යි පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ තරුණයින් දෙන්නා ගෙන් එක් අයකු අහිංසක පුද්ගලයකු බවත් අනෙක් තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවත් පොලිස් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
දෙවිනුවර ද්විත්ව ඝාතනයට සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ලක්ෂ පනහේ කොන්ත්‍රාත්තුවක් මත මේ තරුණයින් දෙන්නාට වෙඩි තබා මරා දමා ඇති බවයි.
