සිතට සිතන්නට කියමු වංගු නොගසා....... වන්දිභට්ටකම් වලින් වැනීම හෝ ද්වේෂයෙන් පිළිකෙව් කිරීම හෝ නොවෙයි වැදගත් වන්නේ
වැස්සත් එක්ක පායනව අව්ව. සැපත් එක්ක දුක, දුකත් එක්ක සැප විඳින්න වෙනවා වගේ.
ඒ නිසා වැස්සට හෝ අව්වට සාප නොකර ඒ ඒවායින් ලැබිය හැකි ඵලය උත්තම ලෙස ලැබීමයි වැදගත්.
ඒක "පෙරළිච්චි පැත්ත හොඳයි" කීමක් හෝ "කළ දුටු කල වල ඉහ ගැනීමක් " හෝ ආත්මාර්ථය නොවේ. එළැඹි පරසරය හා ඉදිරියට යාමයි.
ඒ නිසා වැදගත් වෙන්නේ මේ ලද ජනතා ජයග්‍රහණය වන්දිභට්ටකම් වලින් වැනීම හෝ ද්වේෂයෙන් පිළිකෙව් කිරීම හෝ නොව එයින් උපරිම සෙත සැලසීමට උදව්කිරීමයි.
මෙතෙක් පත් වූ බොහෝ ආණ්ඩු යහපත් රාජ්‍යයක් බවට පත්වීමට ඉඩ නොදුන් ඒ ජඩ පුද්ගල මානසිකත්වයට දැන් තිත තැබීමයි.
මාධ්‍ය ප්‍රධාන කරගමින් ළං වෙන අවස්ථාවාදී ව්‍යාපාර මෙන්ම පුද්ගල චරිත , මෙතෙක් සිදු වූ සියලු ව්‍යසනවලට වගකිව යුතුයි. ගැඹුරින් සළකා බැලුවොත් මේ හැම දේකම පිටුපස රුපියල් හා ඩොලර් වගේම ඉයුරෝ නෑ කියන්න පුළුවන් ද?
පාලකයන් බලයේ සිටියදී ඔවුන්ගේ වැරදි නොදකින හෝ ඒව වැරදි බව පෙන්වා නොදෙන ඔවුන් ඒ සියල්ල විටෙක සත්ත්‍යය බාල කළ ප්‍රාදේශීය ප්‍රවෘත්ති බවට පත්කළ දෙබිඩි වතින් දැන් ඔවුන් මිදිය යුතුයි. ඒ අයමයි එවන් පාලකයන් පැරදුණු කළ වලිග උස්සා කෑ මොර දෙන්නේත්. ඒ නිසා මේ මොහොතේ පෞද්ගලික ලාභකම් හෝ වෙළෙඳපොළ හිමිකම් උදෙසා මෙන්ම තාන්නමාන වෙනුවෙන් කඩේයාම් හා ප්‍රශස්ති නවතාළිය යුතුය . ඔවුන්ගේ කාරිය ඔවුන්ට භාරදිය යුතුය. එහෙත් සෑමකල්හිම සාධාරණ විවේචනය හා විචාරයේ රැඳිය යුතුය.
ඔවුන් මෙතෙක් කළේ ඒ මොහොතේ ඒ පරිසරය ඇතිකළ තත්ත්වයට කටයුතු කිරීමයි.
එහිදී ඔවුන්ගේ දෙමාපියන් ,පාසල්,විශ්ව විද්‍යාල නොව වැනිය යුත්තේ ඔවුන් දැන් කළ යුතු දෙයයි.
අපගේ මානසිකත්වය වෙනස්විය යුත්තේ එතැනදීයි.
කිසිම මවක් එක දරුවෙක් පමණක් රජ කරන්නට නොවදා ඇති අතර ඇය සියලු දරුවන්ට මවක විය. කිසිදු පාසලක් හෝ විශ්වවිද්‍යාලයක් එක ශිෂ්‍යයකු පමණක් පෙරට ගැනීමට උගන්වා නැත. ඒ ඒ සිසුන් සිය හැකියාවන් මත පෙරට ඒම සිදුවෙනු ඇත. එහෙත් එහිදී ඔවුන්ට තම මාපියන්,වටාපිටාව පාසල,සමාජය,ආගම හා විශ්වවිද්‍යාල යම් මග පෙන්වීමක් කොට ඇත. ඒ නිසා ඒ දේවල් උලුප්පා කිම තවත් අයෙකුගේ මනස කැළඹීමක් නොවිය හැකිද?
ඒ නිසා වර්තමානයේ දී මේ ආණ්ඩුව කළ යුත්තේ යහපත් නීතිගරුක ,
සාධාරණ රාජ්‍යයක් බිහි කිරීමය. සෑම ආණ්ඩුවක් ම වට්ටනු ලබන්නේ බොහෝවිට ඔවුන් හා එකපතේ කෑමට යන නිලධාරීන් ය. මිතුරන් ය.
ජනතාව කළයුත්තේ ඒ වරදවන තැන්වලට ඇඟිල්ල දික් කිරීමයි.
69 ලක්ෂයකින් එකවර ලක්ෂයක් හෝ ඒ හඬ නැගුවොත් "බබිත් බේරාගෙන බබීගේ අම්මත් බේරා ගත හැකි"ය.
ඒ නිසා මේ මොහොතේ ජනතාව තමන් සතු මෙතෙක් තිබුණු ඒ පරමාධිපත්‍යය බලය ප්‍රයෝජනයට ගත යුතුය.
අපි රට ගැන හිතමු.
අපි රටේ මිනිසුන් හා එය ගොඩනඟන්නන් හා රකින්නන් වෙමු.
සිත කය කෙළින් තබාගත හැකි බව සිතන සොඳුරු ශක්තිමත් දොහක් !