වෙසක් සඳ බැසයද්දි කී කතාවක්

වෙසක් සඳ බැසයද්දි කීවා දුක්බර කතාවක්
මගෙ කිස නිමකළා එළිය කරවා ලෝකයක්
පිළිවෙත් නොවේ ආමිසයට දී ලොකුම තැනක්
තිබුනත්, අපරාධ අනතුරු ගත්තේ ඉහළ තැනක් 
ඒවගෙ අපරාධ දිවිතොර සිදුවේ නම් නිතර
සැමරිය හැකිද තෙමඟුල් සිත් එකඟ කර
බේබදුකමත් පරපණ නැසුමත් නතර කර
පොසොන් එකටවත් ගන්න දිවි සාර කර
- ගාමිණි අබේවර්ධන -
------------------

පොසොන් සඳ නැගෙන තුරු
අහස් කුස සිඹ ගන්න...
වෙසක් සඳ හිනැහෙන්න...
පොසොන් සඳ නැගෙන තුරු...
බැරි වෙයිද නවතින්න... 
හිතේ කාන්සිය යන්න...
රැහැසියන් හඬවන්න...
තිලෝගුරු නමදින්න...
කැලණි යන්නට එන්න...

තුරු වදුලු අතු පතරේ...
එපා තව සැගවෙන්න...
නිවි නිවී යළි එබෙන...
තරු වළලු මැද ඉන්න...
සෙනෙහසේ රස කවිය...
තාලයට මුමුණන්න...
දෙව්රමට සමුදීලා... 
ලක් මෑණි සරසන්න
