අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවසේ දී ඊයේ (10) රාත්‍රියේ වෛද්‍යවරියක දූෂණය කළ බව කියන කාමාතුරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වාර්තා වන පරිදි, සවස 6.30 ත් 7.00 ත් අතර කාලය තුළ නාඳුනන ප්‍රහාරකයෙකු පරිශ්‍රයට ඇතුළු වී, ඇයට පිහියක් පෙන්වා තර්ජනය කර, ලිංගික අතවර කර ඇතැයි පොලිසිය කියයි.
පොලිස් කණ්ඩායම් පහක් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කළ සැකකාරයා අත්අඩංගුවට ගැනීමට යොදවා ඇතැ යි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
වෛද්‍යවරියට අතවර කරනා ලද බව කියන කාමාතුරයා හමුදා සේවාවේ යෙදී සිට පළා ගොස් සිටින හිටපු සෙබළකු බව ද ඇමති විජේපාල මහතා සඳහන් කළේ ය.
