තීන්දුව අද හවස ගත්තත් ඊට පෙර පටන් ම ඔවුන් දැරුවේ රනිල්ට සහය දිය යුතු බවයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කළේය.
අද හවස් භාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට කෙසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව අද තීන්දුව අනාවරණය කරන බැව් දින කිහිපයකට පෙර එම පක්ෂයේ මහින්ද අමරවීර ඇමතිවරයා මෙන් ම තවත් කිහිප දෙන් ම මාධ්‍ය විසින් කරන ලද අදහස් විමසීමේ දී කියා සිටියහ.