රෝහිත අබේගුණවර්ධන මහින්ද අප්පච්චිට ටටා කියයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්න මහාතා ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගේ ජනපති සටනට ඔහුට සහාය දැක්වීමට නෙළුම් මාවත හැර අද හවහ සිරිකොත බලා පිය නැඟී ය.
ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සේ මෑතක දී පත්විම ලද්දෙකි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ අගසව්වකු සේ 1990 දී පමණ ඉතා කිට්ටු ඇසුරක් පැවැත්වූ අබේගුණවර්ධන මහතා ගේ ෙඉවත්වීම තුළින් එම පක්ෂයේ කඩා වැටීම තවත් ප්රබල වනු ඇතැ යි තතු දත්තෝ පවසති.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති තනතුරු ගණනාවක් වරින් වර හෙබ වූ රෝහිත අබේගුණවර්ධන මහතා පොහොට්ටුවෙන් ඉවත්ව රනිල් වික්රමසිංහ මහතා ගේ මැතිවරණ සටනට කර උර දෙන් බව ඊයේ සවස් භාගයේ කළුතර පැවති පාක්ෂිකයන් ගේ මත විමසීමෙන් පසුව ප්රකාශ කළේ ය. මීට පෙර අවස්ථාවක දී ද හේ පක්ෂය හැර දා යන්නට නැගී සිටිය විට සෙසු මන්ත්රීවරුන් විසින් ඔහු යළි පක්ෂයේ රඳවා ගන්නා ලද්දේ බලවත් තැතකින් පසුව බව ඒ දිවස්වල පැතිර ගිය කතාවෙකි.