සංචාරකයින්ට නිසි සේ රැකවරණය හා පහසුකම් දෙන්නේ නම් හිඟපාඩු විදේශ විනිමය උල්පතක් බව සිහිකටයුතු ය අප හැම දෙනා - හෙළදිව
BBC නාලිකාව 2025 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද නම් කර ඇත.
එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.
ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් BBC නාලිකාව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කළේය.
මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකාරයටත් හිමිව ඇත.
අවසන් ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටත් හිමිව තිබේ.
- ගාල්ලේ - කුමාර උදයරත්න