ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න ජර්මනිය සූදානමින් - තානාපති Felix Neumann කියයි
අධිකරණ, බන්ධ්‍නාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම වයවස්ථා ප්‍රිසංස්කරණ අමාතය ජනාධිපි නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය Felix Neumann මහතා අතර හමුවක් අද (22) පෙරවරුවේ අධිකරණ අමාතයාංශවේදී පැවති අතර එහිදී ඇමතිවරයා මේ බව සඳහන් කළේ ය.
මේ රට ජාතීන් අතර සංහිදියාව ගොඩ නැංවීම සදහා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය හා හානි පුර්ණ කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් සත්‍යය සෙවීමේ කොමිෂම කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිත බවත් අධිකරණ අචාර්ය රාජපක්ෂ මහතා සදහන් කළේ ය.
මෙ රට අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් වර්තමානයේ දේශපාලඥයින් වෙත ඇගිල්ල දිගු වී ඇති අතර, දේශපාලඥයින්ව මෙ රට මහ ජනතාව ප්‍රතික්ෂේප කරන තැනට පත්ව ඇතැයි ද මේ තත්තවය රයේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වන බැවින් එය වවනස් කිරීම සඳහා මෙ රට සිදු වන දුෂණ අක්‍රමිකතා අවම කිරීම සදහා අවශ්‍ය වන ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධ්‍නය, මැතිවරණ වියදම් නියාමනයන කිරීමේ පනත හා දුෂණ විරෝධි පනත වැනි අණ පනත්, මේ වන විටත් සම්මත කර ඇති බවත්, ඒ තුළින් දූෂණයෙන් සහ අක්‍රමිකතාවයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ මූලික අඩිතාලම සකසා ඇතැ යි ද අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදි.
අධීකරණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත්ව සහ කඩිනම් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන් ම අනෙකුත් අවශ කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන් බැවින් මෙම වසර අවසානය වන විට නඩු ප්‍රමාදවීම ඇතුළු ගැට රැසකට විසඳුම් ලැබෙනු ඇති බව ජර්මානු තානාපති වරයා හට ඇමති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍රියාවලිය තුළින් ගැටලු විසදීම වඩා සාර්ථක අන්දමින් ක්‍රියාත්තමක වන අතර එම ක්‍රියාවලිය සියයට 45 ක පමණ සිට සියයට 70 පමණ දක්වා වර්ධ්‍නය වීම සතුටට කරුණක් බවත් මෙම සමථකරණ ක්‍රියාවලිය නඩු ඇසීමේ ක්‍රමවේදයට වඩා පාර්ශවයේ ම එකඟතාවයකට අනුව ගැටලු විසඳාගැනීමේ ක්‍රමවේදයක් බවද අමාතයවරයා විසින් පැහැදිලි කළේ ය. ශ්‍රී ලංකාවේ අධීකරණ ක්‍රියාවලිය සහ ප්‍රජාතන්රවාදය සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන ඕනැම සහයෝගයක් ලබාදීමට සූදානම් යැ යි ජර්මානු තානාපිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන තත්තවය සහ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්තවයට පත්වීම සතුටු දායක බවත්, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර දිගු කාලීන සබදතාවය තවදුරටත්, වර්ධ්‍නය කර ගැනීමට කටයුතු කරන බවත්, සඳහන් කළ තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් සහයෝගය ලබාදීමට තමන් කැපවී සිටින බවත් ය.
ඉදිරියේ දී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත කාලවලදී පැවැත් ෙවන බවත්, පළාත් සභා මැතිවරණය ද ඉන් අනතුරුව පැවැත් වීමට රජය අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ ය .