උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලිම විනිවිදභාවයෙන් යුක්තයි

අධිකරණ ඇමති එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරකට කියයි

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ගෙන එනු ලබන නව නීති සහ රෙගුලාසි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයෙන් විනිවිදභාවය ආරක්ෂා කරමින් ගෙන එන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද 19  එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche අමතමින් ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සහ අධිකරණ ඇමතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද 19 අධිකරණ අමාත්‍යාංශයේ පැවැති අතර ලෝකයේ රටවල යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානසිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් සම්බන්ධීකාරකවරයා ඇමතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය

ශ්‍රී ලංකාවේ යුක්තිය පසුබිලීමේ කාර්යය වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා පසුගිය කාලය තුළ ගෙන එන ලද නව නීති සහ රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අධිකරණ ඇමතිවරයා පූර්ණ විනිවිදභාවයෙන් සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් එම නීති සම්පාදනය කළ ආකාරය එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පැහැදිලි කළේ ය. එසේම ඉදිරියේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශයන් සහ මග පෙන්වීම් වඩාත් වැදගත් වන බව ද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය