නම් තුනකින් පෙනී සිටිමින් අපරාධ කරන ලද මොහු දැඩි අයිස් මත්ද්රව්යලෝලියෙකි
අලුත් කඩේ උසාවි පද්ධතියේ අංක 5 අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේදී සිටිය දී ගණේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා ගිනි පිඹ ඔහු ඝාතනය කළ මිනිමරුවා රුපියල් කෝටි එකහමාරක මුදලකට එය සිද්ධ කරැති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා එයින් රුපියල් ලක්ෂ දෙකක් අත්තිකාරම් ලෙස දී ඇතැ යි ද හෙළි වේ.
 සං ජීවට වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු ඉන්දියාවට පලායාමේ සූදානමින් පුත්තලම් මාර්ගයේ වෑන් රියකින් පලා යමින් සිටිය දී පාලවියේ දී  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද්දේ විශේඹ පොලිස් මෙහෙයුමක දී ය.
ජීවට වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු ඉන්දියාවට පලායාමේ සූදානමින් පුත්තලම් මාර්ගයේ වෑන් රියකින් පලා යමින් සිටිය දී පාලවියේ දී  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද්දේ විශේඹ පොලිස් මෙහෙයුමක දී ය.   
පොලිස් මෙහෙයුමේ දී අල්ලා ගත් සැකකරු තමා නීතිඥයකු බව පවසමින් නීතිඥ හැඳුනුම්පතක් ආරක්ෂක නිලධාරීන්ට පෙන්වා ඇතත් පොලිස් උකුසු ඇස්වලින් ගැලවීමට ඔහු අපොහොසත් විය.
සැකකරු දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යයට ලොල් වූ අයකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
පොලිස් අතුඅඩංගුවට පත් ඝාතකයා නම් කිහිපයක් භාවිතා කරැති බව ද විටෙක මොහොමඩ් අසාම් ෂෙරිල්ඩීන් යන නමින්ද, සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන නමින්ද ඔහු විසින් සකස් කරගෙන තිබූ නීතිඥ හැඳුනුම්පතෙහි කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම ද භාවිතා කරැති බව පොලිසිය කියයි.
 
            