උණුසුම් පුවත්

සජබේ විරෝධතාව අතරතුර තුවාල ලැබූවන්ගේ සුවදුක් සොයන්න විපක්ෂ නායක සජිත් රෝහලට

සජබෙට ජල ප්‍රහාර – කඳුළු ගෑස්

සමගි ජන බලවේගය විසින් ‘වෙනසක් හදන වසරක් 2024’ යන මැයෙන් අද කොළඹ දී පැවැති විරෝධතා ව්‍යාපාරය අතරතුර එම විරෝධතාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

එහි දී විපක්ෂ නායකවරයා විසින් විරෝධතාව අතරතුර තුවාල ලැබූ මන්ත්‍රීවරුන් සේම පාක්ෂිකයන්ගේ සුවදුක් සොයා බලා කටයුතු කරන්නට යෙදුණු අයුරුදක්නට ලැබුණි.