උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයෝ දිවිගමන හමාර කරති

බොදු සිත් සතන් පුබුදන්නට ඔහු නිබඳවම සැදී පැහැදී සිටි අගනා, වටිනා මිනිසෙකි.

සම්මානන්‍යී ප්‍රවීණ රංග ශිල්පී සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහතා දිවි සැරිය හමාර කරන ලද්දේ ය. ඒ කොළඹ පෞද්ගලික රෝහලක  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. අභාවප්‍රාප්ත වන විට එදිරිසිංහ මහතා 84 වැනි වියේ පසුවිය. 

හේ මෙලොන ජන්මලාබය ලබන්දේ 1941 පෙබරවාරි 11 වැනිදා යි. 
සිංහල සිනමාව, වේදිකාව හා ටෙලිනාට්‍ය කලා ක්ෂේත්‍ර තුනෙහි ම සිල්ප දක්වමින් ජන සමාජය ඥාණනය කරන්නා වූ චරිත මැවීමේ අපූර්ව වූ දක්ෂතාවෙන් හෙබි  කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ සැබෑ මිනිසෙකි. 
"මාතර ආච්චි"  සිනමා පටය අධ්‍යක්ෂණයට  ද පියවර තබන ලද එදිරිසිංහ නම් ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවා 'රාජගෙදර මාරුව', 'ශ්‍රී මදාරා' සහ 'සත්‍යග්‍රහණය' වැනි අර්ථපූර්ණ නිර්මාණ රැසක් නිමහම් කරමින් පොදු මහත් ජනයා තුළ නොමැකෙන නිර්මාණකරුවකු සේ ඉස්මතු විය. 
 'මහගෙදර', 'බඹරු ඇවිත්' සහ 'මතු යම් දවසක' වැනි චිත්‍රපටවල ඔහු කළ රංගනයන් සිනමා විචාරකයින් ගේ නොමඳ  විචාරක පැසසුමට ලක් විය.
ටෙලිනාට්‍ය කලාවේ මුල් අවධියේ සිටම, එහි උන්නතිය උදෙසා කටයුතු කළ ඔහු, 'මහමෙර' වැනි ටෙලිනාට්‍ය හරහා ද 'හුණු වටයේ කථාව' වැනි වේදිකා නාට්‍ය හරහාද සිය ප්‍රතිභාව විදහා පෑවේය.
හෙළ කලාකෙත සරුකරන්නට අස්වද්දන්නට සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයාණන් කළ අති මහඟු සේවය වෙනුවෙන් හේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේ  "කලාසූරී" නම් සම්මානනාමයෙනි.
බොදු සිත් සතන් පුබුදන්නට ඔහු නිබඳවම සැදී පැහැදී සිටි අගනා, වටිනා මිනිසෙකි.
හෙළදිව මේ උතුම් කලාකරුවාණන්ට ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව නිවන් සුව පතන්නෙමු!!!