රටේ අනාගත පරපුර ගැන සිතා දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවලට හසුනොවන්න. සමස්ත ගුරු ප්‍රජාවගෙන් මද්දුම බණ්ඩාර ඉල්ලයි
2024.06.28
සමග ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.
මේ මොහොත වන විට රටේ ප්‍රාථමික ද්විතීය හා තෘතීක අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති වෘත්තීමය ගැටලු නිසා රටේ අනාගතය බරපතල අර්බුදයකට ලක්ව ඇති බව නොරහසකි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් ඇතුළු ගැටලු විසඳීම රජයේ පුර්ණ වගකීමකි. ඒ පිළිබඳව ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් නොකිරීම තුළ සිය ඉල්ලීම් දිනා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය මහ පාරේ අරගලයකට යොමුවීම සැබෑ ඛේදවාචකයක් බව කිව යුතුය.
ගුරුවරුන්ගේ ගැටලු නොවිසිඳීම මත ඒ අය ලක්ව ඇති පීඩනය දේශපාලන පක්ෂ විසින් භාවිතා කිරීමද අප අනුමත නොකළ යුත්තකි. ඒ තුළ දරුවන්ට සිදුවන අපහසුතාවය මෙන්ම රටේ අනාගතය මුහුණ දෙන අභියෝග එකී දේශපාලන ව්‍යාපාර විසින් සිදු කරනුයේ තම දරුවන් ජාත්‍යන්තර පාසල් තුල හා විදේශ අධ්‍යාපනයට යොමු කරමින් වීම අප විසින් හඳුනා ගැනීම වැදගත් වේ.
පාසල් ක්ෂේත්‍රයේ වැටුප් විෂමතාව විසඳීමට පත්කළ සුබෝධනී කමිටු වාර්තාව පදනමක් ලෙස සලකා මෙම ගැටලුවට සාධනීය විසඳුමක් ලබා ගැනීමට පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. එසේ නොකොට මර්ධනය අවියක් ලෙස භාවිතා කිරීම අප හෙළා දකිමු. ප්‍රශ්නයකට පිළිතුරක් සපයනවා වෙනුවට පොලිස් ප්‍රහාර මෙන්ම, ගුරු විදුහල්පති සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම වැනි තර්ජන තුළින් සිදුවනුයේ තවදුරටත් මෙම ප්‍රශ්නය සංකීර්ණ බවට පත්වීමයි.
රට බංකොලොත් භාවයෙන් මිදුනා යැයි බිලියන ගණන් වැය කරන ප්‍රචාරක ව්‍යාපෘතිවලට මුදල් වියදම් කරන ආණ්ඩුව නාස්තිකාර වියදම් නැවතීමට කිසිදු ප්‍රයත්නයක් නොගෙන, රටේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදීම යනු ආණ්ඩුවට මෙකී ගැටලු වලට පිළිතුරු නොමැති බවට හොඳම සාධකයයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පසුගිය කාල සීමාව තුළ අධ්‍යාපන සේවයේ සෑම ක්ෂේත්‍රයකම කණ්ඩායම් මුණගැසෙමින් ඔවුන්ගේ ප්‍රශ්ණ හදුනාගනිමින්, ඒවා පාර්ලිමේන්තුව තුලදි ප්‍රශ්ණ කරමින් විසඳුම් ලබා ගැනිමට උත්සුක වී ඇත
විපක්ෂයේ සිට අධ්‍යාපන ගැටලු දේශපාලනයට ඇතුලු ගනිමින් රටේ අනාගතය විනාශ කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවේ.
මෙම ගැටලුවලට සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ විසඳුම් ලබා දීමට අවශ්‍ය දැක්ම හා වැඩ පිළිවෙලත් සතුව තිබේ. එබැවින් රටේ අනාගත පරපුර ගැන සිතා දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවලට හසුනොවි කටයුතු කරන මෙන් සමස්ථ ගුරු ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු
රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම),
මහලේකම්,
සමගි ජන බලවේගය .
 
            