සොවුරාණෙනි! නිවන් සුව!!
හෙළ සාහිත කෙත අස්වද්දමින් ලාංකේය පාඨකයා නව මං ඔස්සේ කැන්දන් යෙමින්, සිය කෘතහස්ථ නිර්මාණශීලීත්වයෙන් බස් වහර පොහොසත් කරමින්, අද්විතීය මෙහෙයක නිරත වූ, සම්මානනීය ගත්කතුවර, අභාවප්‍රාප්ත ටෙනිසන් පෙරේරා මහතා, අවසන් කටයුතු සඳුදා (27) කොටිකාවත්ත ආදහනාගාරයේ දී පස්වරු 4.00 ට සිදු කෙරේ.
දේහය අප්‍රේල් 26 වන ඉරිදා (හෙට) පෙරවරු 9.00 සිට රාත්‍රි 10 දක්වාත්, අප්‍රේල් 27 වන සඳදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වාත් තලාහේන චන්ද්‍රා පනාගොඩ (රෝයල්) අවමංගල්‍ය උත්සව ශාලාවේ (තලාහේන සුසාන භූමිය ඉදිරිපස)මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
