සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ දරන තනතුරුවලින් අස් කිරීම වළකාලමින් අධිකරණය විසින් අද වාරණ නියෝගයක් නිකුත් කරන ලදි.
ෆොන්සේකා මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මෙකී තහනම් නියෝගය නිකුත් කළේ ය.දින දාහතරක් මෙකී වාරණ නියෝගය වළංගු වේ. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්රමුඛ පිරිසක් වෙත උසාවියෙන් නිකුත් කරන ලද උක්ත නියෝගය යළි සලකා බැලීම වගඋත්තරකාර පාර්ශ්වය කැඳවීමෙන් අනතුරුව එකී නියෝගය අධිකරණයෙන් සලකා බැලීමට නියමිත ය.