උණුසුම් පුවත්කාලීන

ස්වකීය වරප්‍රසාද උල්ලංඝනය වී ඇතැ යි අධිකරණ ඇමතිවරයා කථානායකට දන්වයි

ගෞරවණීය අයුරින් කටයුතු කරන විනිසුරුවන් ගේ අභිමානය කෙලෙසීමට ඉඩ නොතැබීම අපගේ යුතුකම යි

විනිසුරුවරුන් දෙදෙනකු පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා විමර්ශණයක් අරඹන සේ අධිකරණ, බන්ධනාගාර ප්‍ප්‍රතිසංස්ඛරණ ඇමති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයා ගෙන් ඉල්ලීමක් කරයි.

අතළොස්සක් වන විනිසුරුවරුන් ගේ ක්‍රියාකලාපය නිසා ගෞරවණීය අයුරින් කටයුතු කරන විනිසුරුවන් ගේ අභිමානය කෙලෙසීමට ඉඩ නොතැබීම අපගේ යුතුකම යැ යි බවසන ඇමතිවරයා ඉතා සුළුදෙයකට පවා විනිසුරුවරුන් ගේ සේවය අත්හිටුවමින් ගජමිතුරන් ගේ වැරදි සඟවා තැබීම යුක්ති සහගත නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියමින් පිටු හයකින් යුත් ලිපියක් කතානායකවරයාට යවා ඇත.

ඉකුත් ජුනි 19 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිර ජයසේකර මහතා විසින් අධිකරණ ක්ෂේත්‍රයට අදාළව නඟන ලද ප්‍රශ්න කිහිපයකට තමන් පිළිතුරු දෙමින් දීර්ඝ කරුණු ඉදිරිපත් කළ අතර ඒකී කාරණාවලින් කිහිපයක් හෙතෙම කතානායකවරයා ගේ අවධානයට ලක් කර ඇත.

අධිකරණ ඇමති රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට යවා ඇති ලිපියේමෙසේ සඳහන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා හැර අනෙකුත් විනිසුරුවරුන් සඳහා වන ඇබෑර්තුවක කිසිදු තනතුරක් පිරවීමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සහ ගරු කථානායකවරයා ගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයින් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධ වන 41(අ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අත්හිටුවීමක් වන බවත්, ආණ්ඩ්‍ුක්‍රම ව්‍යවස්ථාව මුලුමණින් හෝ එහි කොටසක් හෝ අත්හිටුවීම සඳහා නියෝගයක් ලබා දීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නොමැති බව මම සඳහන් කළෙමි. මීට පෙර එවැනි අවස්ථාවක් වූයේ දෙවන ලෝක යුද්ධය ආරම්භයේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් චේමර්ස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිවිල් අයිතිවාසිකම් පරිච්ඡේදය අත්හිටුවීමයි.

යනුවෙන් දිගු ලිපියකින් කරැණු කාරණා සටහන් කරැති ඇමති විජයදාස මහතා දක්වන්නේ  එම ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කරැති නිවේදනයකින් තමා වගකීම් විරහිත වෛරී සහගතව ක්‍රියා කරැති බවයි. එය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සඳහා සිදුකරන ලද ව්‍යාපෘතියක් යැ යි ද ඔවුන් කියා ඇතැයි සඳහන් කරන රාජපක්ෂ මහතා තමා විසින් දක්වන ලද චෝදනාවලින්, කොමිසමේ ලේකම්වරයා සංගමයේ සභාපතවරයාට හා ලේකම්වරයාට  යම් රැකවරණයක් ලැබී ඇතැ යි ද පළ කොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් බරපතල ලෙස වරප්‍රසාද, පරිහාර සහ බලතල උල්ලංඝනය කෙරී ඇතැ යි හිසින් ඇමති රාජපක්ෂ මහතා කථානායකවරයාට දැනුම් දී ඇත්තේ ය.