උණුසුම් පුවත්කව් මිණි වැල්

ස්වතන්ත්‍ර නිර්මාණ කරුවන්ට කාරියනට හෙළදිව කව් මිණි වැල් ඉඩ හසර වෙන් ‌වී ඇත

තනි ඉර

ලබ්...ඩබ්.....

කෝ නෑ නෙ මේකෙ මොකවත්

ඇත්තේ.....

එකම එක තනි ඉරක්

ජීවත් වීම පුදුමයක්

ලබ් .....

ඩබ් ......

නැවතිලා වත් ද මොහොතක්

මිසී......

නෑ පුදුම කිසිවක්

මගේ හද

උගුලගෙන ගිහිං වසරක්

 

 -  ෂර්මිලා බංදුනී දංවත්ත  -

 


නුඹ නික්මගිය දිනට පසු දින.....

පාළු ඉස්තෝප්පුවේ

ඇඳි පුටුවේ ඉඳගෙන

බලා හිටියා උදේ වරුවම

ගේ තුලින් එන පියවරක්

නවතීවි යැයි මා ළඟ

හිතෙන් නෑ නැගිටින්න

හෝරා කටුත් දුවන්නේ පුරද්දට

මුදු මොලොක් සුසුමක බරක්

දැනුනා සෙමෙන් උරහිසට

ඊයේ ඇන්ද සුදු සාරියම

ඇඳගෙන වතුසුද්ද ගහ තවම

මිදුලේ පොල් අතු රටා නෑ

හැඩි වෙලා රෑ වැටුණු වැස්ට

වෙනදා නොතිබුණ අඳුරු පාළුව

කොහෙන් ආවද ගෙට

ඔබ නික්ම ගොස් දිනක් ගතවී

කල්පයක් එය මට

  -  ෂර්මිලා බංදුනී දංවත්ත  - 

  • - - - - - - - - - - - - - - - - - - - -  - - - - --

                සිත ළඟ සුවඳ

පෙරමග සිනහවකි පෑවේ උදයේ ම..

දකිනා තැනක ඔබෙ මුහුණයි පෙනුණේ ම

සිත ළඟ සුවඳ මල් පිපුණා රහසේ ම

අරමුණ දකින්නයි ඔය රුව හැමදා ම..

 

බැඳි හිස නැඟුණු කළුවන් ගන වලාවයි..

ඒ මැද දිලෙන නිල්තරු ඇස මනාවයි..

ඉඳහිට මුවඟ විදුලිය වැනි සිනාවයි..

මුහුණ ම පිරුණු පෝදා සඳ පරාදයි..

මහරෑ පැලේ කවි කියනා වෙලාවට..

අඳුරට දැවෙන පහනේ එළි මදියි මට..

පාමුල ගිනිමැළය තිබුණත් ගහක් යට..

උණුසුම දැනේවි ද නුඹ ළඟ නැතොත් මට..

කණ්ඩියෙ වැවට හෙට උදයෙත් එනවා ද..

නැත්නම් ටවුමෙ පොළටත් නුඹ යනවා ද..

අම්මා තවම මා ගැන දොස් කියනව ද..

යන යන තැනට පොඩි මල්ලිත් එවනව ද..‍‍

  • මධුෂිකා   -

- - - - - - -  -- -  --  - - - - - -  - - -  - -

 

සුවඳ මලකට

රට ගැන හිතලා අත්වැල් බැඳගෙන එක මඟ ගමන් කළා...

සොහොයුරු බැම්මක ලෙන්ගතු සුවඳක් හදතුල දෝර ගලා...

සසර පුරාවට මේ ලෙස එක්වී සිටි බව පසක් වෙලා...

ඈත අතීතයේ සොඳුරු නිමේෂක මතකය වතපොත පුරා සලා...

දිලෙන වනේ...

ඔය නාඹර ලැසි ගමනට හිත ඇදෙනවා අනේ...

හුදෙකලාවේ තනි මංකඩ ඇයිදෝ තනි උනේ...

කළු කුමරා අහළ පහල සරනවා හැමදිනේ ...

අහස ගුගුරා වැස්ස නැතිදා ගඟක් උතුරා ගලා යාවිද...

සුවඳ හමනා මලක් නැතිදා බඹරු ඒ වෙත ඇදිලා ඒවිද...

සවන පිනවන ගීත රාවෙට අවරගිර හිරු යලි නැගේවිද...

සතුට සැනසුම උරුම කරගෙන උපන් කිසිවෙකු ලොව සිටීවිද...

පොඩි කාලේ වන වදුලේ දුව පැන නැටු කාලේ...

සිඟිති සිනා මල් පිපිලා දිදුලපු වත කමලේ...

දින සති වී ගත වුන අපේ මිහිරි බොළඳ බාලේ...

හිතා ගන්න බැහැ  හැඩ රුව වෙනස් වෙච්චි තාලේ...

  •  ඇන්ජලා පැල්පොළ  -

- - - - - - - - - - - - -  --  - - - - - - - -

සොඳුරු පිනි වැස්සක්

අරුන   හිනැහෙන   මොහොතක්

සෙත්පැතුම් දහසක්

ලැබේවා   සුන්දරම දවසක්..

ප්නිවැඊ තණ මතට දෙපය සීතල වෙලා

පීපි මලක් බමර තුඩු රසින් කුල්මත්.කලා

ළහිරුකැන් ආදරෙන් මිහිමඬළ දෙසබලා                                             

සුබ පතයි  සැමට අද    

සෙනෙහසින් හිනැහිලා

     -  චින්තා  - 

- - - - -  - - - - - - - - - -  -

සොඳුරු දොහක්...!

 

 

සොඳුරු පිනි වැස්සක්                       

අරුන   හිනැහෙන   මොහොතක්

සෙත්පැතුම් දහසක්

ලැබේවා   සුන්දරම දවසක්...

   

 

- ඛේමා ලියනගේ -