සරෝජා පෝල්රාජ්, රිස්වි සාලි, රාමලිංගම්චන්ද්‍රසේකරන්, හර්ෂණ නානායක්කාරත් හමුවට එක්වෙති
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt මහත්මිය අද (09) පස්වරුවේ ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු නියෝජිත පිරිසක් හමුවූහ.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් MURATA Shinichi, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ දෙවැනි ලේකම් Zanethemba Tshangela, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු අංශයේ පළමු ලේකම් Justine Boillat යන මහත්ම මහත්මීහුද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික වෛද්‍ය රිස්වි සාලි, ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ්, ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර යන සහෝදර සහෝදරියෝද එක්ව සිටියහ