උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

සාහිත විචාර

පොතක් ගැන කෙටියෙන් යමක්

"කරුමක්කාර කතාවක්"

කර්තෘ - ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය - රාවය

කලක සිට සොයමින් සිටි නමුත් සොයාගැනීමට නොහැකි වූ මෙම පොත පසුගිය සතියේ දිනක මා ඇස ගැටෙන්නේ කළුතර බෝධි ඤාණ පුස්තකාලයේ දීය.වෙනත් පොත් තේරීම පසෙකලා දුටු සැණින් රැගෙන පැමිණියේ නිධානයක් හමුවූ පරිද්දෙනි.
මගේ තේරීම නිවැරදිය.පලමු ඡේදයේ සිටම අවසානය තෙක්ම ඒකාකාර රසයකින් කියවාගෙන යාහැකි පොතකි එය.ඝාතකයන්ගේ පවුලේ නම්බුව වෙනුවෙන් කරන්නාවූ නව යොවුන් තරුණයකුගේ කෘර තර ඝාතනය සම්බන්ධයෙන් එක් දිනක් තුල එකම නගරයක සිදුවූ සිද්ධි දාමයක් විස්තර කෙරෙමින් එම සිද්ධිය දුටු නොදුටු පුද්ගලයන් සමූහයක් සිදුකොණු ලබන අතීත ස්මරණයක් ආකාරයෙන් රචිත මෙය සිත් බැඳගන්නා ආකාරය මවිත කරවන සුළුය.
අපට නුපුරුදු සමාජ වටපිටාවක් හා ආගමික ඇදහිලි ක්‍රම අතර මුළු කතාවම විකාශය වූවත් එය රසවිඳීමට මොනම අයුරින් වත් බාධාවක් නොවේ." කොළරා කාලේ ආලේ" කතුවරයා වන ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේම කෘතියක් වන මෙය ගාමිණී වියන්ගොඩ මහතාගේ පරිවර්තනයකි.මුල් වරට 1990 දී ප්‍රකාශයට පත්කර ඇති " කරුමක්කාර කතාවක්" පොත පතට පෙම් බඳින ඔබ සැම කියැවිය යුතුම පොතකි
 -  ෂර්මිලා බංදුනී දංවත්ත   -