උණුසුම් පුවත්

සීල් අරක්කු ජාවාරම් කිරීමට මගී බස් රථයකින් ප්‍රවානය කළ පුද්ගලයකු යාපනයේ දී අත්අඩංගුවට

ඇල්ලුවේ STF එකෙන්

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.21 වන දින යාපනය පොලිස් වසමේ යාපනය විශේෂ කාර්ය බලකාය කදවුර ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රජයේ සීල් අරක්කු මිලි ලීටර් 750 බෝතල් 17 ක් ජාවාරම් කිරීම සදහා මගී බස් රථයකින් ප්‍රවානය කරමින්  සිටි අල්ලයිපිට් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.