නොවී මුලා

සෙනේහය විසින් වඩනා
ප්‍රේමාර්ධ භාවයේ සුවිසල්
ගුණ කඳ නිවසින් එපිට ලොව
කරා පැතිර ගොස් සියල්ල
දෙස උපේක්ෂාවෙන් බලමු
ඔබත් මමත් අපිට අහිතක් කළ
සියල්ලමත් එකම සිතුවිල්ලකින්
මුදා හරිමින්.
ජීවිතේ තණපත් හි අග වටාපිටාවෙන්
වැටෙන එළියෙන් දිළිසෙන
හා සැඟව යන නිමේෂයක
ඡායාවක් පමණි.
අපි අරවින්දයක් වෙමු
මුලින් අපම සඳහා........
- චම්මින්ද වෙලගෙදර -
෴෴෴෴෴
නොවී මුලා

වචන වලට මුලා නොවී
හොඳ සිහියෙන් යුතුව ඉන්න...
පොරොන්දුවෙයි වචන වලයි
වෙනස හොදින් වටහගන්න...
දුර දිග නොබලා කියනා
ප්‍රලාප බස් ඉවතලන්න...
හැමදෙනාම උනන්දුවෙන්
තම කඩුල්ල බේරා ගන්න...
උතුරා යන්න තිබුණත්
නෙක යස ඉසුරු...
මතුරා තැවෙන්නේ නැති
බැරි දේ අඳුරු...
හතුරා උනත් දවසක
කරගෙන මිතුරු...
අතුරා ගන්න හද සැනසුම
හරි සොඳුරු...
- ඇන්ජලා පැල්පොළ -
❤❤❤❤❤ ❤❤❤❤❤
දෙයියන්ගේ මල්ලී ....
දන්නවා ද..... ?
මෙතුවක් ලොව 
මිනිස් සොයා ගැනීම්වල
ජරහන්තම සොයාගැනීම
මොකක්ද කියලා....
ඒ තමයි...
දෙයියන්ගෙ මල්ලී.....
"සල්ලි"
අහ්...! අමතක උනානේ....
දන්නවා ද...... ?
මිනිහෙක් මනින්න තියෙන
හොඳම ඒකකය...
මොකක්ද කියලා....
දෙයියන්ගේ මල්ලී.... 
සල්ලි
- රන්සිරිණි ගමගේ -
ගොර කතරේ
සිත ගත වත මත
රඳවන් අප කැප වී පාවෙන
දිවිමඟක අරුත සොයා කල
- සුමැ -
සිද්ධාර්ථ..නික්මිම

සිද්ධාර්ථ..නික්මිම..
ඵබි බැලු සඳ..
සිරියහනේ තුරුල් සිත..
නොයා ඉන්නට රිසි..
නොවුනු සුවඳ ළඟ..
දමාගිය ආත්මිය..
මා පසුකර සිරියහන..
කල්ප හොරාව නැති..
නමුදු ආදර ගඟුල..
හැරගියා නොව සඳමඬල..
නැවත සිත නවතා..
දුක් විඳින..
මා හැර ගිය නමුදු..
මල් යහනා දිව්‍ය බඹසර..
සුවද විලවුන් කුමට..
ඉමක් නොපෙනන සසර..
දුක නිවාලන පැන් සුවඳ..
දමි දෙසින නැවත නුපන්..
හෙට දවස මකාලන..
දමි සුවඳ..
හැරගිය පසු.. හඹා..
ඵමි හෙවණැලි කුමට.. 
- ශ්‍යාමලී ගමගේ..
❤❤❤❤❤ ❤❤❤❤❤
සිහින ලොවක් තිබුණා සිත පෙරුම් පිරූ
ලැබුණ දෙයක් නැතුවා එම ලෙසින් සරූ
දවන නිසා දුක් ගිනිදැල් ලෙසින් හිරූ
නිවන සොයා යන්නෙමි වෙන රටක දුරූ
සසර හුරු මගේ මව්බිම වෙතට නැමී
උතුර උතුර සෙනෙහස හදවතින් දෙමී
අවර ගිර අහස ලෙස දුප්පත්කමෙන් තෙමී
සුසර වෙන්න බැහැ රන්මසු නැතුව හිමී
ලක්මව් මගේ දිවිකිරි සරි කර පෙව්ව
දුක් කම්කටොලු මැද ඔබ ළග දිවි ගෙව්ව
හික්මෙන්නට වුණත් ඔබ හදවත බැදි පව්ව
සක්වල ඔබයි ලක් අම්මේ මා නිව්ව
දනින් වැටී ඔබෙ නලලත සිඹිමි මෙමා
රුවන් වැලි සෑය ලෙස හදතුළ වසමි දමා
පවන් රැලි වගේ විත් සයුරට උඩින් හමා
නිවන් සුව ලෙස දැනෙන ඔබෙ සුව විදිමි මෙමා
ගුවන් තල උඩින් තිබුණත් නැගෙන හිරූ
විමන් දෙව්ලොවත් නැහැ ඔබ තරම් සරූ
සොවින් සමුගනිමි හඬවා සඳුද තරූ
ඉතින් ආයුබෝවන් මව්බිමට ගරූ…
තරු පහන් දල්වලා ඉරා සඳ එළියෙ තිර
හිරු හොරෙන් බැසගියා අතවනා අවරගිර
කරුවලට සිනාසෙන ගොම්මනේ හැරුණු දොර
හුරු පුරුදු තනිකමට අත වනයි සිතැඟි ඇර..
සීත සද එළිය මැද තුරු වදුළු සෙවණැල්ල
මෑත කහපාට වෙයි වෙල් දෙණියෙ ඉපනැල්ල
මෑත තණ පදුරු මත කදෝපැණි දැඟලිල්ල
දෑත මත වෙලෙනවා තනිකමේ ගිණිදැල්ල
හිස්ම හිස් පපුව මත හීනියට රිද්දවන
හුස්ම සිරවී වගේ මතකයන් සිත දවන
ඉස්ම මිරිකා දැමූ පලතුරක් මෙන් තැලෙන
ගැස්ම වැඩිවී සිතේ මලක් වී පෙම පිපෙන
ලස්සනට මල් විසුළ ගමන් මඟ ඈත දුර
හිස් තැනකි පාළුවේ විසුරුවන සුසුම් සර
ලිස්සමින් කඳුළු බිඳු තෙත් කරයි දෙනෙත් හැර
ඉස්සෙන්න පෙර මතක වසන්නෙමි
සිතෙහි දොර 
- සංජීවනී පද්මසේන -
❤❤❤❤❤ ❤❤❤❤❤
දැනෙයි තනිකම
අඹා ඇති රුව තුළ
තබා නැති කැලලක 
සොබා සෙව්වේ කිම
අහෝ සකිසඳ දැනෙයි තනිකම
තලාවක සඳලූ
තනිව හෙළනෙමි
අදත් කඳුළු
සිහිව බස් තෙපලූ
ගැහෙයි ඇට මස්
නහර මිදුලූ
රහසේ බැන්ද ආලය
රහසින් වින්ද ලීලය
හෙළිවූව තාලය
තවම මගෙ හිත අකම්පාලය
රහසින් ඇවිත් යහනට
පහසින් මතක මත්කොට
දස්කොන් අදත් ඉඳහිට
සක්මන් කරයි හිතයට 
- කුමාරි රත්නායක -
❤❤❤❤❤ ❤❤❤❤❤
