උණුසුම් පුවත්

සේමසිංහට මරණීය තර්ජනයක්

මරා පුළුස්සා දමන බවට යි තර්ජනය කළ මැරයා පවසා ඇත්තේ

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බවට පවසමින් නිර්නාමික දුරකථන ඇමතුමක් තර්ජනයක කරන ලදැ යි යන තොරතුරක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

 මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇත්තේ කොටුව පොලිසිය විසිි. ඇමතුම ඔහුගේ කාර්යාලයීය දුරකතනය ඔස්සේ ලද තර්ජනයකි.

ඉදිරි මැතිවරණයට තරග කිරීමට අමාත්‍යවරයාට ඉඩ නොතබවන බවත් කියා ඇති නිර්නාමික ඇමතුම්කරුවා තමන් සතුව ආයුධයක් ඇති බවත් තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ටයර් දමා පුළුස්සන බවට කළ දැනුම් දීී බව යැ යි ආරංචි මාර්ග දක්වයි.

විමර්ශන අරඹන ලද කොටුව පොලිසීය විසින් මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දුරකථන ජාල විශ්ලේෂණ වාර්තාවක් හරහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

මේ පිළිබඳව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ මෙය පැරණි ඝාතන සංස්කෘතියක නව හිස එසවීමක් විය හැකි බවයි.

පසුගිය අරගල සමයේද සේමසිංහ මහතා ගේ නිවස ගිනිතබා විනාශ කළ ද ඔහු  දේශපාලන ක්‍රියාකාරකම් වලින් ඈත් වූ පුද්ගලයෙකු නොවේ.