අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කිශාන්ති මීගහපොළ මහත්මිය කියයි
නව බඳවා ගැනීම් ක්‍රමවේය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අන්තර්ග්‍රහණය කළ හා අලුතින් බඳවා ගත් සියලුම හදිසි මරණ පරීක්ෂක වරුන් ගේ ඇඟිලි සටහන් සහිත පොලිස් නිශ්කාශන වාර්තාවක් ජූනි මස 07 වන දිනට පෙර ලබා දෙන ලෙස සියලුම හදිසි මරණ පරීක්ෂක මහත්ම මහත්මීන් වෙත දැනුම් දී තිබේ.
අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කිශාන්ති මීගහපොළ මහත්මියගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කොට තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ දැනට රාජකාරි කටයුතු වල නියුක්ත වන ඇතැම් හදිසි මරණ පරීක්ෂක මහත්ම මහත්මීන් අපරාධමය වැරදි වලට චෝදනා එල්ලවූවන් බවට අමාත්‍යාංශය ට පැමිණිලි ලැබී ඇති බැවින් මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.
- ලාල් ගොඩගේ -