සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි. හර්ෂ ද බොහොම හැඟීම්බරව තමාට එල්ල වී ඇති තර්ජන ගැන පවසයි
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් දෙවතාවක් ඉවත් කළ බවත් එතුමා ක්ෂේත්රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු නිසා රට බංකොලොත් වීමෙන් පසුව විපක්ෂය දිගින් දිගටම සිදුකළ ඉල්ලිම්වල ප්‍රතිඵලයක් ලෙස එතුමා එම කාරක සභාව පත් කළත් අද වන විට ආණුඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ඇවිත් ඔහුට තර්ජනය කරන්නේ යැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේදී VFS ගනුදෙනුව ගැන සොයන විට ඔහුට තර්ජනය කර ඇති බවත් ඊට අමතරව රජයෙ වහලුන් විසින් මෙ ගනුදෙනුව ගැන හොයන්නැ කියා හර්ෂ ද සිල්වා මහතාට චෝදනා කරනා බවත් මේ ගනුදෙනුව තුළ මහබැංකු ගනුදෙනුවටත් වඩා බරපතල විනාශයක් සිදුව ඇති බැවින් මුදල් කාරකසභාවේ සභාපතිවරයාට ඒ ගැන සෙවීමට ඉඩ ලබා දී රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එල්ල කරන තර්ජන වහා නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
එල්ල වී ඇති තර්ජන නිසා තමාගේ ආරක්ෂාව තර කරන මෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
“මේ වීසා ගැටලුව පිළිබඳව වාර්තාවක් එන සතියේ කාරක සභාව එළි දක්වනවා. කාටද ඕනකම තියෙන්නේ මට ගහන්න? පාරේ යනකොට මාව මරල දැම්මොත්? ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියනවා. මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරේ මරල දැම්මොත් ගරු කතානායකතුමනි, මේකෙ පිටිපස්සේ ඉන්න අයට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට කියන්නේ? වංචා දූෂණ වහන්නද කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්දැ යි ඉතා සංවේගයෙන් යුක්තව අදහස් දැක් වූ ද සිල්වා මහතා සඳහන් කළේ ''මාව ඉවත් කරන්න. එතකොට මට නිවි හැනසිල්ලේ වඩෙක් කරන් ඉන්න පුළුවන්. මගේ රුධිර පීඩනයත් වැඩිවෙනවා" යනුවෙනි.