අසව්! සබඳිනි, අසව්!! අසව්!!!
රටට බරක් වූ ජනාධිපතිගේ වියදම් මම කපා හරිනවා - කුණ්ඩසාලේ කෙන්ගල්ල ප්‍රදේශයේ ජනහමුවක දී ජනාධිපති ධූරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා කී කතාවෙක කෑල්ලකි මේ.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ආගම් ඇදහිලි - විශ්වාස කිසිවක් අපි තහනම් කරන්නේ නෑ - අනුර සඟ සමුළුවේ දී කියයි.
නායකයා එහෙම කියද්දි ජාතික ජන බලවේගයේ විධායක සභික නලීන් හේවගේ හිටපු දකුණු පළාත් සභා මන්ත්ත්රීවරයා කියන්නේ බෝගහ වැඩකට නැති ගහක් බව යි.
ජනතාවට සහන දෙන්න මුදල් හොයන්න අපට පුළුවන් - ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහත්තයා පහුගිය දොහක එහෙම කියා ඇත්තේ බණ්ඩාරගම දී.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
අනුර ජනාධිපති වෙන්නේ මුළු රටේම ජනතාව රකින්නයි - දොස්තර නලින්ද ජයතිස්ස මහත්තයා කියපු කතාවේ එක කෑල්ලකි ඒ. දොස්තර මහත්තයා එහෙම කියන ලද්දේ ද බණ්ඩාරගම පැවති මාලිමාවේ ජනාධිපති අපේක්ෂකවරයා ගේ හෙවත් අනුර කුමාර දිසානායක මහත්තයගෙ ජය තහවුරු කරන්න පැවති ඒ රැස්වීමේ දී ම ය.