හෑලි හෑලි - කතා කෑලි
දිලිත්ගේ "හිතේ හයිය" 
ජනතාව රවටන සහනාධාර ක්‍රමය වෙනුවට දිලිත්ගේ "හිතේ හයිය"
උපුටා ගත්තේ අරුණ පත්තරෙනි - 17 September 2024
මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට "හිතේ හයිය" ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
මොනරාගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.
"හැමදාම ඔබව රවට්ටාගෙන හිටපු සහනාධාර අටමඟලේ එකපාරක් ආවා ජනසවිය පියාණෝගේ. ඊට පස්සේ ආවා සමෘද්ධිය. ඊට පස්සේ ආවා ඇස්වැසුම. දැන් ඔබේ ඇස් වැසිලා නෑ. අපි ඉදිරිපත් කළා හිතේ හයිය වැඩසටහන. හිතේ හයිය වැඩසටහන කියන්නේ සමෘද්ධි පවුලක් කියලා, ඔබ යාචකෙයක් බවට පත්කරපු, ඔබට දේශපාලනඥයාගේ පස්සෙන් යන්නට පාර කපපු ඒ වැඩසටහන අවසන් කරලා, ඔබගේ නිවසේ අවම ආදායම ලක්ෂයක් විය යුතුයි. ලක්ෂයක් ලබාදෙනවා කියලත් අනිවාර්යයෙන් ම අපි සඳහන් කරනවා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් දින වකවානුත් මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සමෘද්ධි නිලධාරීන්ව බබලවන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඔවුන්ගේ ආදායමත් දෙගුණ තෙගුණ වන වැඩපිළිවෙලක් අපි ගෙන එනවා. කරන්නට තියෙන්නේ එක දෙයයි. ලැබෙනවා පැන්සලයි, කොළයයි. 10 වෙනියට තියෙනවා මගේ නම. හිමින් ගහන්න කතිරය. ඔබ සියලුදෙනාටම ජයවෙන දවසක් උදාවෙනවා. තරුවක් පායනවා මේ අහසේ. ඔබ තරුවක් වීම සඳහා ගහන්න කතිරය තරුව ඉදිරියෙන්."
පොදු මහජනතාවට මෙහෙම හරි හිතේ හයියක් ඇති කරන්න දිලිත් වගේ අති දක්ෂ ව්‍යවසායකයකු, නීතිඥවරයකු ඉදිරිපත්වීම අම්මපල්ල හිතට ඇති කරන්නෙ පුදුමාකාර මහා සංතුෂ්‌ටියක්... තේරෙන බාසාවෙන් කියනවා නං පට්ට සතුටක්.
අනෙක් උන්නැහෙලා වගේ බ්ලාබ්ලාබ්ලා බ්ලාබ්ලාලාලා ගාන්නෙ නැතුව.
අනිත් එක තමයි දිලිත් කොමියුනිස්ට් පක්ෂයේ ලාංචනේ කොමිනිස්ට්කාරයින්ටත් මතක බැරුව තියෙනවෙලාවේ ඒ ෂහෝදර උත්තමයින්ටත් සිහිපත් කර කර යන යන තැන දි තරුව ලකුණට කතිර කෑල්ල දෙන්න කියන එක. ඒකට නං දිලිත්ට එක අතකින් නෙවෙයි අත් දෙකෙන් ම මේන්න සැලියුට් දිලිත්. හවුරුදු හවුරුදු හතළිස් තුනකට පස්සෙ ඒ කියන්නෙ කලවානේ බයි ඉලෙක්ෂන් එකෙන් නැත්තං අතුරු මැතිවරණෙන් පස්සෙ තරුව ඡන්ද ලකුණ හැටියට මේ පොළොවට ඉහළින් අකාහේ බැබළවන්නට දිලිත් ගන්න උත්සාහේට අපෙ උත්තමාචාරෙ. මොකද එක පක්ෂයක්වත් දැන් ඡන්ද කොරන්නෙ ඒ ඒ පක්ෂවල ලාංචනවලින් නෙවේ නේ.
-----------------------
KT Astro නාලිකාවෙන් කදීර් කියල ඉන්දියාවේ නස්සාත්තර පොරක් කියපු කතාවක් අපි අහුලා ගත්තා සූරියාරච්චි මහත්තයාගේ ගොසිප් ලංකා නිවුස් වෙබ් අඩවියෙන්. ඒ මනුස්පයා කියන කතාව මෙහි බහාලන්නෙ හුදිජන පහන් සංවේගය උදෙසා ම යි. මොකදැ යි කියනවා නං ඉතින් අපි හැමෝම පාහේ හඳහන් බලබලා නෙවැ කොයි දේත් කරන්න පිටපොට ගහන්නෙ. හඳහන් හොඳා යි... ඒත් ඉතින්...
මේන්න ඔහු සාත්තරේ හැටියට කියන කතාව. ශැබැයි ඉතින් අපට නං මකර රාශියෙ ම පොරවල් තුනක් නිසා පරෙස්සං උුණොත් හොඳා අපි කවුරු කවුරුත්... මන්දැ යි කිව්වොත් මකරුන් කට ඇරලා විෂ පිට කොරනවා කියන කතාවක් අපි පුංචි කාලේ අහල තියෙන හින්දා.
පොර කියන්නෙ නං දෙවැනි මනාප ගැණිල්ලෙන් පස්සෙ අනුර කුමාර සංගීත පුටු තරගෙන් දිනනවා කියලා. මං නං ඉතින් නස්සාත්තර කාරයො කියන ඒවා ඒ හැටි පිළිගන්නෙත් නෑ. අම්මපල්ලා.
ඉන්දියානු වේද ජ්‍යොතිෂ්‍ය ඇසුරින් තොරතුරු යාවත්කාල කරන කේටී ඇස්ට්‍රො නමැති ජ්‍යොතිෂ්‍ය නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න ගැන අනාවැකියක් ප්‍රසිද්ධ කර තිබේ.ඉන්දියානු ජාතික කදීර් සුබයියා නමැති මෙම ජ්‍යොතිෂ්‍යවේදියා ඇමරිකාවේ සිට ක්‍රියාත්මක කරන සිය යූටියුබ් නාලිකාවට උඩුගත කර තිබෙන අනාවැකියේ පරිවර්තනය පහතින්
ආයුබෝවන් මිතුරනි, මම KT Astro නාලිකාවෙන් කදීර්. මෙම වීඩියෝවෙන් මම 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ මගේ ජ්‍යෝතිෂ පුරෝකථනය ඉදිරිපත් කරනවා. 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන මැතිවරණයේ ප්‍රතිඵලය පුරෝකථනය කිරීම සඳහා මම රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකගේ ජන්ම පත්‍රිකා විශ්ලේෂණය කරනවා.
රනිල් වික්‍රමසිංහ 1949 මාර්තු 24 වන දින කොළඹ, ශ්‍රී ලංකාවේදී උපත ලැබුවා. ඔහු වේද ජ්‍යෝතිෂය මත පදනම් ව සලකද්දී මකර රාශියට අයත් වෙනවා. ඔහුගේ ජන්ම පත්‍රිකාවේ බ්‍රහස්පති නීච වී චන්ද්‍රයා සමඟ සංයෝග වීමෙන් බලවත් ගජ කේශරි යෝගයක් නිර්මාණය කරනවා.
2002 දක්වා බ්‍රහස්පති මහා දශාව තුළ ඔහු ඉතා හොඳින් කටයුතු කර ඇති නමුත් 2004 සිට ශනි මහාදශාව ඔහුට හොඳ ප්‍රතිඵල ලබා දී නැහැ. නමුත් දැන් ඔහු බුධ මහාදශාව තුළ සිටින අතර එය ඔහුට හොඳ ප්‍රතිඵල ලබා දෙනු ඇත.
දැන් අපි සජිත් ප්‍රේමදාසගේ ජන්ම පත්‍රිකාව දෙස බලමු. සජිත් ප්‍රේමදාස 1967 ජනවාරි 12 වන දින කොළඹ, ශ්‍රී ලංකාවේදී උපත ලැබුවා. ඔහුත් වේද ජ්‍යෝතිෂය මත පදනම් ව සලකද්දී මකර රාශියට අයත් වෙනවා. ඔහුගේ ජන්ම පත්‍රිකාවේ බ්‍රහස්පති උච්ච වන අතර චන්ද්‍රයා සහ ශනි වෙත දෘෂ්ටි දෙනවා. මෙම දෘෂ්ටිය ඔහුට දැන් පවතින ශනි මහාදශාව තුළ හොඳ ප්‍රතිඵල ලබා දෙනු ඇත. (19)
අවසාන වශයෙන් අනුර කුමාර දිසානායකගේ ජන්ම පත්‍රිකාව දෙස බලමු. ඔහු 1968 නොවැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේදී උපත ලැබුවා. සැලකිය යුතු කරුණක් නම් වේද ජ්‍යෝතිෂය මත පදනම් ව සලකද්දී ඔහුත් මකර රාශියට අයත් වීමයි. පසුගිය වසර කිහිපය තුළ ඔහු ශනි මහාදශාව ආරම්භ කර ඇති අතර ඔහුගේ ජන්ම පත්‍රිකාවේ ශනි සහ රාහු හොඳ ස්ථානයක සංයෝග වී ඇත. තවද ඔහුගේ ජන්ම පත්‍රිකාවේ බ්‍රහස්පති, කුජ සහ අඟහරු කන්‍යා රාශියේ සංයෝග වීමෙන් බලවත් කේන්ද්‍ර යෝගයක් සහ ගුරු මංගල යෝගයක් නිර්මාණය කරනවා.
දැන් අපි ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ජන්ම පත්‍රිකා පරීක්ෂා කර බැලුවා. සැලකිය යුතු කරුණක් නම් අපේක්ෂකයින් තිදෙනාම මකර රාශියට අයත් වීමයි. මකර රාශිය දැන් ශනි-බ්‍රහස්පති අන්තර දශාවේ අවසාන අදියරේ පසුවෙනවා. බ්‍රහස්පති මකර රාශියේ පස්වන භාවයේ සංක්‍රමණය වෙමින් විශාල වාසනාවන් ලබා දෙනවා. සමස්තයක් වශයෙන් මකර රාශි ලග්න හිමියන් බොහෝ වසරවල අත්හදා බැලීම් වලින් පසුව තම ජීවිතයේ හොඳ අවධියක් ආරම්භ කර තිබෙනවා.
අපේක්ෂකයින් තිදෙනාම මකර රාශියට අයත් වීම නිසා ප්‍රතිඵලය පුරෝකථනය කිරීම ඉතා අපහසු වෙනවා. මේ අපේක්ෂකයින් අතර ජයග්‍රහණයේ පරතරය ඉතා සුළු එකක් විය හැකියි.
මැතිවරණ දිනය වන 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා දින, දින අධිපති ශනි වේ. චන්ද්‍රයා භරණී නැකැතේ සංක්‍රමණය වන අතර එය සිකුරු විසින් පාලනය කරනු ලබනවා. මෙදින චන්ද්‍රයා ශනිගෙන් දෘෂ්ටියක් ලබා ගනී. සමස්තයක් වශයෙන් ශනි වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර මෙම මැතිවරණයේ තීරණ ගන්නා තැනැත්තා වනු ඇත.
රනිල් වික්‍රමසිංහ බුධ මහාදශාව තුළ සිටින අතර සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ශනි මහාදශාව තුළ සිටිනවා. ශනි ප්‍රබල වන බැවින් බුධ මහාදශාවේ සිටින රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීමට ඉඩ නැත. ඉතිරි අපේක්ෂකයින් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක දෙදෙනාම ශනි මහාදශාව තුළ සිටිනවා. ප්‍රධාන වෙනස නම් සජිත් ප්‍රේමදාස තම ශනි මහාදශාවෙන් අඩකට වඩා පසු කර ඇති අතර ශනි මහාදශාවේ බොහෝ විභවයන් දැනටමත් ඔහුට ලැබී තිබිය හැකි වීමයි. නමුත් අනුර කුමාර දිසානායක මෑත වසරවලදී ශනි මහාදශාව ආරම්භ කර ඇති අතර, මෙතෙක් නොදන්නා එම විභවය මෙම මැතිවරණයේදී ලැබෙනු ඇත. මේ නිසා අනුර කුමාර දිසානායක නැගී එන තරුවක් වීමට නියමිත බව මට පුරෝකථනය කළ හැකියි.
සැප්තැම්බර් 21 වන දින කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් නොලැබුවද, දෙවන වටයේ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස තේරී පත් වනු ඇති බව මම දකිනවා. අවසාන වශයෙන්, මගේ ජ්‍යෝතිෂ විශ්ලේෂණය මත පදනම්ව, 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වනු ඇති බව මම පුරෝකථනය කරනවා.
කරුණාකර සලකන්න, මගේ පුරෝකථන වේද ජ්‍යෝතිෂය මත පදනම් වී ඇති බව. ඔබට බොහොම ස්තූතියි.
අනුර කුමාරට වෙන්නේ සැප්. 22 බිමල් රත්නායකට පක්ෂය බාරදීලා ගෙදර යන්න


එහෙම කියන්නෙ මාතලේ රෝහිණී නෝනා. ඈ මෙහෙමත් කියනවා කියලයි පත්තරෙ තිබුු කතාව
මම දඹුල්ලට එනකොට දැක්කා, එදා අපේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට එලව එලවා ගහපු, ගෙවල් ගිණි තියපු, අත පය කඩපු, කිරලගොල්ලේ දී මිනී මරපු මැරයින්ගේ ගෙදර ඉස්සරහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැවැන්ත කටවුට් ගහලා තියෙනවා. මම හිතාගන්න බෑ මේකට මේවාට හිනාවෙනවා ද? අඩන්න ඕනි ද? කියලා. අද ජනක, ප්‍රමිත තෙන්නකොන්, රෝහණ දිසානායක ඉස්සරහට දාගෙන රනිල් වික්‍රමසිංහ කරන මැතිවරණ ව්‍යාපාරයට ‘අනේ අපෝයි‘ කියනවා හැර වෙන කියන්න දෙයක් නෑ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඡන්දය පැරදිලා ඉවරයි. ගාල්ලේ ඇල්පිටියේ පළාත් පාලන ඡන්දයක් තියෙනවා. අඩුම ගානේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් නාම යෝජනා බාර දෙන්න අද එජාපයට බැරිවෙලා තියෙනවා. ප්‍රාදේශීය සභාවට තරඟ කරන්න බැරුව, රනිල් රටක ජනාධිපතිවරණයක් දිනන්නේ කොහොමද? යැයි කවිරත්න මහත්මිය ප්‍රශ්න කළේ, දඹුල්ල නගරයේ පැවති සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.
රෝහිණී කියන්නෙ ප්‍රාදේශීය සභාවකටවත් තරග කරන්න බැරි රනිල් කියලා. ඇත්ත කතාව. හැබැයි ගෙවුණු අවුරුදු දෙක, දෙක හමාරක කාලෙ රනිල් උන්නැහේ රටට ජනතාවට පොඩි හරි උස්මක් කටක් ගන්න හුළං පොදක් හරි උරා ගන්න පසුබිමක් හදල දීපු එක ගැන හුදි ජනයාට මොකක්කත් නැතත් ඒකවත් ඇතැ යි කියන කතා බහක් නං රටේ පැතිරිලා තියෙනවා.
අපි දන්නවා නෙවැ දෙවන ලෝක යුද්දෙ කෙළවරක් කරන්න මුල් වෙච්චි එංගලන්තෙ කවුදෝ අගමැති උත්තමයෙක් මං හිතන්නෙ චර්චිල් මහත්තයා ඊළඟ ඡන්දෙන් ගෙදර යවාපු කට්ටියක් නේ ඒ රටේ ඉන්නෙත් නේ ද... නැද්ද මං අහන්නෙ. මටනං මකර රාශියෙන් ඔද තෙද වඩා ගත්තු ඔය තුන් දෙනා ගෙන් කවුරුන් දින්නත් එකයි.
විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
හෙට (18) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වේ.
නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇත.
මෙම නිරීක්ෂකයින් හෙට දිනයේ සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෑමට නියමිත බැවින් ඔවුන් මෙලෙස අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හමුවීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරණ සමයේ අවසන් සතිය තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම ඉතා අත්‍යාවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, ඇතැම් සාවාද්‍ය කාරණා සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගත නොගත යුතු බවය.
අද ඉඳල තමා නොයෙක් නොයෙක් උප්පරවැට්ටි වලින් ඡන්දදායක මනස අවුල් කොරාන්න අපේක්ෂකයින් ගෙ ගෝල බාලයන් එක එක වෙස් අරන් නොපෙනෙන බලවේග කිරියාත්මක කොරන්නෙ ආයුබෝං.

