උණුසුම් පුවත්කාලීනපරිසරය

හෝර්ටන්තැන්න ගිල ගනිමින් සීඝ්‍රයෙන් පැතිරයන ආක්‍රමණීශීලී ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදානය

මහවැලි, කැලණි සහ වලවේ  යන ගංගා ත්‍රිත්වයේ මව

File source: http://commons.wikimedia.org/wiki/File:Srilankamountainforest.jpg

දකින කවරකුගේ වුව සිත් සතන් වශීකරන්නා වූ සුප්‍රසිද්ධ ලෝකාන්තය  මෙන්ක ම මනනන්දනීය ‌ බේකර්ස් ඇල්ල දක්නා කවරකුගේ වුව නෙත්ය සිත් ඩැහැ ගන්නා සොබාදහමෙන් මේ හෙළදිවට දායාද කර දී ඇති සුන්දර හෝර්ටන් තැන්න හෙවත් මහඑළිතැන්න පරිසරය ම ගිල ගනිමින් දවසින් දවස  සීඝ්‍රයෙන් වැඩෙනා ආක්‍රමණික ශාඛා ඒ අපූර්ව දායාදය අපට අහිමි කරනු ඇත යන හැඟීමෙන් පෙරේදා ක්‍රියාකාරී වූ පරිසර හිතකාමීන් පිරිසක් ඒ උවදුරින් හෝර්ටන් තැන්න මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කිරීම ඉතා ප්‍රශංසනීය මාහැඟි මෙහෙයයක් සේ අපි දකිමු. 

හෝර්ටන් තැන්න ෙහවත් මහඑළිතැන්න යනු ශ්‍රි ලංකා මාතාව‌ පෝෂණය කරන මහවැලි, කැලණි සහ වලවේ  යන ගංගාවන් හි මූලාරම්භයයි. 

මුහුදු මට්ටමමේ සිට මීටර් 2100 ක උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අගනා වටිනා මේ කදිම පරිසර පද්ධතිය හෙක්ටයාර 3169 කින් යුක්ත වන නමුත් ඉන් සැලකිය යුතු ප්‍රදේශයක ආක්‍රමණීලී ශාඛ ව්‍යාප්තවීම කෙසේ ඇති වූවක් ද?

කටු සහිත කහ පැහැති මලක් පිපෙන යුලෙක්ස් නම්  ඝෝර ශාඛය (Ulex europaeus -විද්‍යාත්මක නාමයෙ ) ඉවත් කරන්නට පරිසරයට ආදරයක් ඇල්මක් ආශාවක් දක්වන සොබාදහමට පෙම්බැඳි මේ කණ්ඩායම ඇරඹූ ශ්‍රමදානය මොන තරම් වටින්නේ ද? 

වනජීවී දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයට සම්බන්ධ ශ්‍රමදානයේ යෙදුණු පිරිස  යුලෙක්ස් නන ආක්‍රමණශීලී ශාඛය ඉවත් කිරීම සිදු කෙරුණේ  හෝර්ටන් තැන්නේ පතන බිම් ආශ්‍රිතව යි.යුලෙක්ස් ශාඛය හෝර්ටන්තැන්න‌ේ  තැනිතලා බිම් හි  බ‌ොහ‌ෝ පැතිර තිබේ.  එහි බීජ වර්ෂ ගණනාවක් සක්‍රීයව තිබී යළි පැලවී ව්‍යාප්ත වන බව උද්‍යානභාරකාර සිසිර කුමාර රත්නායක මහතා පරසර ක්‍රියාකාරීන් දැනුවත් කරමින් එහිදී පැවසුවේ ය. යුලෙක්ස් ශාඛයට අමතරව තවත් ආක්‍රමණශීලී  ඝෝර ශාඛ විශේෂ 40 ක් පමණ හෝර්ටන්තැන්න දැකිය හැකි යැයි ද රත්නායක සඳහන් කළේ ස.උස අඩි 07 ක පමණ දක්වා වැඩෙන මේ ඝෝර ගස්  ගලවා ගිනි තැබුවත් එහි ශේෂවූ මුල් හා බීජ වලින් යළි යළිත් ව්‍යාප්තවන බැවින් නිරන්තරයෙන් මර්ධනය කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසුවේය.

යුලෙක්ස් ශාඛය ජෛව විවිධත්වයට, ශාඛ වර්ධනයට සහ සත්ව ගහණයට බාධාවකි.  මෙම ආක්‍රමණශීලී ශාඛ ගලවා ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක වූයේ දුම්බර සේනා පරිසර ක්‍රියාකාරීගේ ශ්‍රම දායකත්වයෙනි.  

මේ උදාර කාර්යය උදෙසා  ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය යටතේ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ කේන්ද්‍ර කර ගත් පරිසර ක්‍රියාකාරීන් 80 ක් ද ලග්ගල, පල්ලේගම, විල්ගමුව, රත්තොට හා මිනිපේ කේන්ද්‍ර කොට ගත් පරිසර ක්‍රියාකාරීන් 45 දෙනෙකුගේ ද ශ්‍රමය මෙහිලා කැප කෙරුණි.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ වැඩසටහන් සම්බන්ධීකාරක කේ. අමල් සංජීව මහතාගේ ෙෙමෙහයවීමෙන්  වනජීවී දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඇක්ටඩ් ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි.

  - ලක්ෂ්මන් නීලවතුර -