උණුසුම් පුවත් ෆොන්සේකා සජබයේ සභාපතිකමින් ඉල්ලා අස්වෙයි. 2024-08-090 ජනපති හටනට ස්වාධීනව හටන් වදිනවා - ෆොන්සේකා කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල්, සරත් ෆොප්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති කමින් ද කැලණිය ආසන සංවිධායක කමින් ද ඉල්ලා අස් වූ බව මාධ්‍ය හමුවක් පවත්වමින් අද පැවසී ය. ඉල්ලා අස්වීමේ ලිපිය හෙතෙම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කළ බව ද කී ය ඔහු 2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු සේ තරග බිමට පිවිසෙන බව ද එහි දී සඳහන් කළේ ය. ඒ පිළිබඳව රටට ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්නට ෆීල්ඩ් මාර්ෂළ් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුව කැඳවන ලද්දකි. හේ සමගි ජන බලවේගයේ නායකාට දොස් නඟමින් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්ව යන අවස්ථාවේ රට භාර ගන්නා සේ කළ යෝජනාව නායකයා විසින් ඉවත හෙළූ බවත් තමන් ඇතුළු පිරිසක් වැටී ඇති රට ගොඩගන්නට ඉදිරිපත් වන්නැ යි ඉල්ලා සිටිය ද ප්‍රේමදාස මහතා ඊට දැක්වූයේ අකමැත්තක් බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීයේ ය. ජනපතිවරණයෙන් ජයගෙන හැම අතකින් ම කඩා වැටී ඇති රට ගොඩනගන්නට තමා ඇපකැප වන්නේ යයි ද මාධ්‍ය හමුවේ දී හේ සඳහන් කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ගාල්ලෙන් බණ්ඩාරිගොඩ ලබන සතියේ සිට යළි පාර්ලිමේන්තුවට Next Article ජනාධිපතිවරණය – 2024