ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනක්‍රීඩා ආධුනික නාවිකයින් 373ක් නාවික හමුදා සේවයට 2026-04-280 ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයන් දෙසීය තිහක් (230) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය හතලිස් තුනක් (143) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැත්තෑ තුන් දෙනෙකු (373) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 අප්‍රේල් මස 27 වැනි දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, රියර් අද්මිරාල් ජනක මාරඹගේ සහභාගී විය.අභියෝගාත්මක වෘත්තියක් තුළින් මව්බිම වෙනුවෙන් සේවය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී 263 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංනානෞ නිපුණ ආයතනය වෙතින් සාර්ථකව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව අවසන් කල ආධුනික නාවිකයින් අතරින් විශේෂ කුසලතා දැක්වු ආධුනික නාවිකයින් හට කුසලාන ප්‍රධානය, විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරධිත අමුත්තා විසින් සිදුකරන ලදි. ඒ අනුව, විසිර යන ලද ආධුනික නාවිකයින් තුන්සිය හැත්තෑ තුන් දෙනෙකු (373) අතරින් විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්එම්එම්එන් වීරසේකර විසින් හිමිකර ගන්නා ලදි. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එස්එච් දිවානි විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එම්එම්බීඑන් මාපා විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඒඑම්එන්ඒ අධිකාරි විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ඒඑම්ඒආර් බංඩාර විසින් සහ දක්‍ෂතම ඉලක්කකාරියට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එන්එල්ඩීඩීඑස් ලියනගේ විසින් හිමි කර ගන්නා ලද අතර, 263 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘අනුලා’ අංශය විසින් හිමි කර ගන්නා ලදී. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article බුද්ධ චීවරය අවභාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙමින්භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක කරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමු Next Article ලෝක සාමය පතා සිදු කෙරණු”එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය