ආර්ථික

උතුරේ ගැටලු නිරාකරණයට කමිටු දෙකක්

ජනපති ගේ සිව් දින යාපනයේ නිල සංචාරය

උතුරේ පවතින සමාජ ගැටලු හා තල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු නිරාකරණය උදෙසා විමසා බැලීමට ජනපති විසින් කමිටු දෙකක් පත් කරන බව කියයි.

උතුරේ සියලු දෙනාට සම අයිතිවාසිකම් තිබිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. ඒ වෙනුවෙන් තමා පෙනී සිටින්නේ යැයි වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ තල් කර්මාන්ත කරුවන් ගේ ගැටලු පිළිබඳව තන්දෙයි වෙලවා ශ්‍රවණාගාරයේ පැවති සාකච්චඡාවකට හවුල් වෙමිනි.

''යාපනයේ ජනතාවට තියෙන සමාජ හා ආර්ථික ප්‍රශ්න ගැන මා දන්නවා. සියලු ජනයාට සමාන අයිතීන් හිමි විය යුතු යි.

තල් කර්මාන්තයේ නියැළෙන්නන්ට ගැටලු කීපයක් තියෙනවා. තල් නිශ්පාදනය, අලෙවිය හා බදු ප්‍රශ්නවලට ඔබ මුහුණ දෙනවා. තල් සංවර්ධන මණ්ඩලය 1977 මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටිය අවදියේ අරඹන ලද්දක්. එහි පවතින්නේ එදා පැවති තත්ත්වයම යි. ලෝකයේ තාක්ෂණය හා නවීකරණයට ඉදිරියට යතත් තල් සංවර්ධන මණ්ඩලය 1977 – 78 පැවති ආකාරයෙන් ඉදිරියට පියනඟා නෑ.

මේ පළාතේ යුද්ධයක් පවතිද්දි ඒවාට මුහුණ දෙමින් සිටියා. යාපනය දිස්ත්‍රික්කයට අද වන විට සීඝ්‍ර සංවර්ධනයක අවශ්‍යතාවය තියෙනවා. තල් කර්මාන්තය වානිජ කර්මාන්තයක් සේ සලකා නවීන තාක්ෂණය උපයෝගි කරගෙන ඉදිරියට යෑමේ සැලසුම් කළ යුතු යි. මේ කර්මාන්තයේ ගැටලු හොයා බලන්නට කෘෂිකර්ම ඇමතිවරයා ගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් අරඹනවා. ඒ වගේ ස සෞඛ්‍ය හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද අප සොයා බලා නිසි පියවර ගන්නවා" යි ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්‍රරේ ජනයාට ප්‍රතිඥාවක් දුන්නේ ය.

ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ නිලධාරීන් ද රා කර්මාන්තයේ නියැළෙන්නන් ද ජනපති හමුවට එක්ව සිටින ලදි.