දීග තුලා ගියදා සිට..
රෝස පාට මල් වැටිච්ච...
ගවුම් ඇඳන් හිනා වෙච්ච...
ලෝකෙට ආලෝකේ අරං ...
ගෙදර ආපු දූ සිගිත්ත...
මල්වර නැකතින් නහවා...
තහංචි දහසක් පනවා...
තුරුණු සිතුම් මරා දැමුවේ...
ඇයි කියලා කියනවාද...
දීග තුලා ගියදා සිට...
වීලා අවනත ඔවුන්ට...
ගොළුවත රැක ගන්න උපන් ...
හිරකරියදෝ ගැහැනිය...
සිය වස් ගණනක් ගෙවුණා...
ගැහැනුන් නුවණින් වැඩුණා...
ගෙදර දොරේ වැඩ සේරම...
ඇගේ කර පිට පටවා ගත්තා...
ජීවිතයම කැප කරලා...
අනුන්ගේ දුක සැප හොයලා...
මුළු දිවියම කැප කෙරුවට...
දොහොත් මුදුන් දී වැඳිමුද...
- ඇන්ජලා පැල්පොළ -
තනි තරුව..
නිරුවත සිඹින ..
තනි තරුව..
ලංසු මත..
අඩන රැය ..
නිහඩ..
අතර මග..
ළතැවෙන..
පෙර දිනක..
නෙතු ගැටුණු..
ආඩමිබර..
තනි තරුව..
වරුවක් මා ..
ළඟ හිනැහි..
ළතැවුල් සිහිනෙක..
පණ පොවන..
ආඩමිබර..
මගේ තනි..
තරුව.
- ශාමලී ගමගේ -
