නමවු මුනි සරණ - බුදු ගුණ අලංකාරය
386
දැක රුව           මේ                රඟින්
තෝරා ගතෙව්                      ස සගින්
බබළන                            තුනුවඟින්
පවර එ බිසෝ ළඳුන්              සමඟින්
පදගතාර්ථය මේ රඟින් -- මේ ආකාරයෙන් , රුව දැක --- රූපය දැක , ස සඟින් -- දිව්‍ය ලෝක හයෙන් ථ තෝරා ගතෙව් -- තෝරා ගත්තාක් මෙන් , තුනුවනින් --- සිහින් සිරුරින් , බබළන --- බබළන්නා වූ , පවර --- උතුම් වූ , එ බිසෝ ළඳුන් සමඟින් --- එම බිසව සමඟ -
භාවය මේ ආකාරයෙන් රූපය දැක , දිව්‍ය ලෝක හයෙන් කාන්තාවක තෝරා ගත්තාක් මෙන් සිහින් අඟ පසඟින් දිලෙන උතුම් වූ මේ බිසවුන් සමඟ--
387
නො හැර ම දස දිගෙහි පෙන්වා යසස බවගෙහි අඩු කළ සිරි සගෙහි විසී විසි නව වසක් ගිහි ගෙහි
පදගතාර්ථය දස දිගෙහි --- දස දිශාවෙහි , නො හැර ම --- කිසි ම තැනක් අත් නො හැර , බවගෙහි --- භවාග්‍රයෙහි , යසස --- කීර්තිය , පෙන්වා --- ප්‍රකාශයට පත් කොට , සගෙහි --- ස්වර්ගයෙහි , සිරි --- ශ්රීය , අඩු කළ --- අඩු කළා වූ ,ගිහි ගෙහි ---ගෘහ ජීවිතයක් ගත කරමින් , විසි නව වසක් විසී --- වර්ෂ විසි නවයක් වාසය කළේ ය.
භාවය දස දිශාවෙහි කිසි තැනකුත් අත් නො හැර, භවාග්‍රය දක්වා කීර්තිය ප්‍රකාශ කොට, දෙව් ලොව ශ්‍රී විභූතිය අඩු කළා වූ ගිහි ගෙයි විසි නව වසක් වාසය කෙළේ ය.
 
            