ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මොහයවන තිදෙනෙකු බෙලිමුල්ලලේ දී විශාල කේරළ ගංජා තොගයක් හා බී.ඩි. කොල තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.10 වන දින බෙලිමුල්ල පොලිස් වසමේ දී වැටලීම් 04 ක් සිදුකර ඇත ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ 10, ග්‍රෑම් 714 ක්, බී.ඩි. කොල කිලෝ 02, ග්‍රෑම් 499 හා මන්නා පිහියක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 19, 22 හා 53 වයසේ පසුවන අව්ස්සාවේල්ල, පල්ලේවෙල හා කලගෙඩිහේන යන ප්‍රදේශයන් වල පදිංචි පුද්ගලියන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය හා බී.ඩි කොල ප්‍රවාහනයට යොදාගන්නා ලද කැබ් රථයක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බෙම්මුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොවුන් සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ ගෝලයන් බවත් දිගු කලෙක සිට ඔහුට අයත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු බෙම්මුල්ල පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.