උණුසුම් පුවත්කාලීනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 10

කතානායක වැඩි ඡන්දයෙන් පුටුව රැක ගනී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 කු විසින් ඉදිරිපත් කොට තිබූ විශ්වාස භංග යෝජනාව පසුගිය සතියේ 19, 20, 21 යන දිනයන් හි විවාද කළ අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 4. 30 ට සිදු කෙරුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හා විපක්ෂව ඡන්ද 117 කි ලැබීමෙන් එය නැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වුණා. මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 31 ක් සභාවේ සිටියේ නැහැ. විදෙස්ගතව සිටි අණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා ගේ දැනුම්දීම මත සිය සංචාරය කෙටි කර ඡන්දය පැවති දින උදයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය 19, 20, 21 යන දින තුනේ ම මුලසුන දැරුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු මුලසුනට පැමිණි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැයභාගයක පමණ කාලයක් විශේෂ ප්‍රකාශයක් කළා.

විශ්වාසභංග යෝජනාවේ අයගේ චෝදනා ගැන ඔහු විස්තරාත්මක පිළිතුරක් දුන්නේ. එයට අදාළ ලිපිලේඛන ද ඇමුණුම් වශයෙන් සභාගත කරමින් තමා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාව පිළිබඳපනත

දේශපාලන දිවිය ඇරඹුදා පටන් මං හෘද සාක්ෂියට අනුව වැඩ කළා

සහතික කිරීමට අත්සන් තැබුවේ නීතිපතිවරයාගේ ලිඛිත උපදෙස් ලබාගැනීමෙන් පසුව යයි ද කතානායකවරයා කියා සිටියා.

තම දේශපාලන ජීවිතයආරම්භයේ සිට ම තමා හෘදයසාක්ෂියට අනුව තීරණ ගත් බවත් 13 වැනි සංශෝධනයට විරුද්ධවීම නිසා 1989 දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වී ගිය අන්දමත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.ඉන් අනතුරුව 2022 ජූලි මාසයේ අරගලය පැවති සමයේ තමාට එල්ල වූ දේශීය මෙන් ම විදේශීය බලපෑම් හා තර්ජන පිළිබඳව ද ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. කතානායකවරයා ගේ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වුණා. (උපුටා ගැනීම)

ව්‍යවස්ථාව උල්ලංඝනය කොට මා ජනාධිපති පුටුවේ වාඩි කරන්න දෙස් විදෙස් පිරිසක් දත කෑවා

''ඉකුත් අරගල සමයේ මා හට විටින් විට දුරකතන ඇමතුම් ලබා දෙමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කොට හෝ මාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවීමට බලපෑම් කළ අය ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබීම මට පුදුමය ගෙන දෙන්නක්.

රාජ්‍ය විරෝධීව හෝ ව්‍යවස්ථා විරෝධී ලෙස අරගල සමයේ රජයක් පිහිටුවීමට බලපෑම් කරන ලද පිරිස අතර විවිධ ශක්තිමත් බලවේග තිබුණු බවට මා සඳහන් කරන්නේ ඉතාමත් කනස්සල්ලෙනි. ඔවුන් අතර සිටි සමහර අයගේ අරමුණ වූයේ උද්ගතව ඇති ගැටුම සමනය කිරීමේ හෝ රට ආරක්ෂා කිරීම නොව මා හරහා නීති විරෝධී  රජයක් පිහිටුවා අප රට ලිබියාවක් හෝ අෆ්ගනිස්ථානයක් කිරීමේ කූඨ උපායයි.

එහි ප්‍රතිඵලය මෙ රට ජනාධිපති ධූරය හිස්වූ අවස්ථාවෙහි ජනාධිපති ධූරය සඳහා මට ආරාධනා ලැබීම යි. එනමුත් එදා පවා මා කළේ "දේශීය වශයෙන් ලැබුණු ඇරයුම් පමණක් නොව විදේශීය වශයෙන් ලද ඇරයුම් ද එකහෙළා ප්‍රතික්ෂේප කරමින් උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හදවතට එකඟව මට තිබුණු තද බල අවශ්‍යතාව සියල්ලන්ට ම කාරුණික ව අවධාරණය කිරීම යි.

මාගේ මතය වෙනස් කිරීමට නොහැකි වූ කල ප්‍රචණ්ඩ වූ සමහරුන් මාගේ නිවස වටකොට මගේ ජීවිතය ද අනතුරේ හෙළන බවට තර්ජනය කිරීමට පවා සාහසික වුණා. ඔවුන් අතරේ ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා මෙන් ම වෙනත් ආගමික නායකයන් ද සිටීම ගැන මා අද ද, අවංකව ම කනගාටු වෙමි" (උපුටා ගැනීම අවසන්)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තමාට ජනාධිපති ධූරය භාරගන්නා ලෙස දේශීය හා විදේශීය වශයෙන් ඇරයුම් ලැබුණු බව කතානායකවරයා සිය ප්‍රකාශයෙහි සඳහන් කොට තිබෙනවා.

 

ජුලි චා කතානායක හමුවෙන්න නොදන්වාම ආපු බව විමල් ගේ පොතේ

එහෙත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අරගලය හා එහි පසුබිම පිළිබඳව ලියා ඇති 'නවය සැඟවුණු කතාව' ග්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ මෙසේ ය.(උපුටා ගැනීම) ''කතානායකවරයා ගේ ආරිධනාවකින් හෝ පූර්ව දැනුම් දීමකින් තොරව ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරිය කතානායක වරයා හමුවීමට නිල නිවසට පැමිණ ඇති බව සේවකයකු විසින් ඔහු දැනුම්වත් කරනු ලැබී ය. ඒ පිළිබඳ තරමක් වික්ෂිප්ත වූ කතානායකවරයා ඇමරිකානු තානාපතිවරිය තම නිල නිවසේ පහළ මාලයේ දී මුණ ගැසුණි. ඇය පැමිණ සිටියේ ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණ ද මේ අවස්ථාවේ දී කතානායකවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කටයුතු කළයුතු බව පැවසීමට ය. කතානායකවරයා ව්‍යවස්ථානුකූලව තමන්ට එය භාරගත නොහැකි බව හා ඊට අදාළ ව්‍යවස්ථාමය  බාධා පෙන්වා දුන්නේ ය.

 

''ව්‍යවස්ථාව වැඩක් නෑ. අපි ඒක බලා ගන්නම්. ඔබ එය භාර ගන්න"යි යනුවෙන් විධානාත්මකව ඉල්ලා සිටි ඇමරිකානු තානාපතිවරිය කතානායකවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද කල බොහෝ අසතුටින් එම ස්ථානයෙන් නික්ම ගියි ය" (උපුටා ගැනීම අවසන්)

විමල් වීරවංශ මහතා ගේ පොත නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චා මහත්මිය එහි සඳහන් කරුණු ප්‍රතික්ෂේප කළා ය. එහෙත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ දක්වාත් එම පොතේ ඇතුළත් කරුණු ප්‍රතික්ධේප කොට න

කතානායකවරයා ගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් අවශ්‍යයි - සරත් වීරසේකර

කතානායක වරය පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශනීය කාරක සභාවේ සභාපති විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් විජේසේකර මහතා කතානායකවරයාට අරගල සමයේ එල්ල වූ බලපෑම් පිළිබඳව ආණ්ඩුව වහාම කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැ යි ප්‍රකාශ කරනවා.

2022 ජූල 13 වැනි දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පළා ගොස් සිටිය දී කතානායකවරයාට ඇමරිකානු තානාපතිවරයි විසින් කළ බ ලපෑම් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගේ පොතේ විස්තර කොට ඇති අතර කතානායකවරයා එම කරුණු ප්‍රතික්ෂේප කොට නැති බව ද ඊයේ 'දි අයිලන්ඩ්' ඉංග්‍රීසි පුවත්පතට ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මහතා පවසා තිබෙනවා.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයේ සඳහන් ඔහුටල්ල වූ බලපෑම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසක් කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙනවා.

 -  ජගත්  -