මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති මෙම තරඟයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමිවීම ලෝක කුසලානයට හොඳ ආරම්භයක් බව ක්‍රිකට් ප්‍රවීනයෝ පෙන්වා දෙයි.
මෙහිදී සියලු ක්‍රීඩකයන් දැවී ශ්‍රී ලංකාව ලකුණු 204 ලබාගනු ලැබීය.එම අභියෝගයට මුහුණ දුන් සිම්බාබ්වේ පිල ලකුණු 86කට සියලු කඩුලු දවාගැනීමට පන්දු යවන්නන් සමත් වූහ.
මෙහිදී දඟ පන්දු යවන ශ්‍රී ලංකා උපනායක මල්ශ තරුපති ලකුණු 14කට කඩුලු හතරක් ලබා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේ ය.
රශ්මින් පෙරේරා සහ විශ්ව කඩුලු දෙක බැගින් ලබාගත් අතර දිනුක කළු පහන කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ කඩුලු හතරක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවට දැවී ගොස් තිබූ අවස්ථාවේ මනාව පන්දුවට පහර දෙමින් තම කණ්ඩායමේ වගකීම තම උර මත තබාගත් දිනුර කළු පහන ලකුණු 60 ක් ලබා ගැනීම සඳහා පන්දු 55 කට පමණක් මුහුණ දෙනු ලැබීය, ඔහුගේ ඉනිම සඳහා හතරේ පහරවල් හයක් සහ දැවැන්ත හයේ පහරවල් දෙකක් ඇතුළත් විය, මෙහිදී සහජාන් ලකුණු 41ක් ලබාගත් අතර රශ්මින්ද සිල්වා ලකුණු 31ක් ලබාගනු ලැබීය.
ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරන දිනුර කළු පහන සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරන මල්ෂ තරුපති කණ්ඩායමේ ජයමාවත විවෘත කිරීම කැපී පෙනෙන සිදුවීමකි.