ඉපැසුණේ නෑ කෝදු තව ලොව
දැවෙන හිත් අග
නැඟුණු රාගය
සුව දිදී මොහොතකට
පලා යයි සැණෙකින...
අල්ල ගත්තත් දෙඅත් හෙමිහිට
දැවුණු රාගය නික්ම ගිය කල
අතහැරෙන වේගය මනින්නට
කෝදු තව ඉපදුණේ නෑ ලොව....
වදනකිය මිහිරිය
ප්‍රේමය ලෙසින් නම් ලද
ළං නොවී විඳිනට
වරම් ලැබ ඉපදුණ...
ළංවී එකිනෙක එකෙක් වූ කල
හිතත් එහෙමම බැඳී තිබුණ ද
රාග ගින්දර නිවුණු පසුවත්
පපුවෙ ඊතල පහර තිබුණ ද....
සිරුරු බස ගැන නොදැන කිසිදින
ළං නොවන මුත් ගතින් කිසිදින
හිතේ ගැඹුරු ම තැනක ලියලන
ප්‍රේමයක් ඇත හිත නිවාලන....
- සුමුදු චතුරාණී ජයවර්ධන -

දුවකට........

 
            

