බලපත්‍ර නොමැතිව කැබි රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම කඳවුරේ පොලිස් සැරයන් 32021 සෙනවිරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.04 වන දින මන්නාරම පොලිස් වසමේ මන්නාරම නගරය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නීති උල්ලංගණය කර අමු මුහුදු කූඩැල්ලන් 4,500 ක් කැබි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සිටි කාකේකිව්, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජල සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී ඇත.