උණුසුම් පුවත්

මෛත්‍රී සීඅයිඩිය ට කැඳවයි !!!1

 

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියයි.

පාස්කු ඉරුදින ‌කතෝලික ප්‍රජාව ඉලක්ක කර එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය කවුරුන් විසින් සිදු කළේ ද යන්න තමා දන්නේ යැ යි හිටපු ජනාධිපති සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් කාවින්ද ජයවර්ධන මහතා පැමිණිල්ලක් ගොනු කර ඇත. හිටපු ජනාධිපතිවරයා මහා සාහසික අපරාධයක තොරතුරු දැන හිඳිමින් එය වසන් කිරීම ද දඬුවම් ලැබිය යුතු වරදක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හේ ‌සඳහන් කරන ලද බව මාධ්‍ය වෙත සැල කළේ ය.

සිරිසේන මහතා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නට ඇවැසි කටයුතු යොදා ඇතැ යි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මාධ්‍යයට සඳහන් කරන ලදි

 

2,919 views