කිලෝ මීටර් 8 ක් ඝන කැලයේ අක්කර 4 ½ ක බිමක වගාකර අලෙවියට සූදානම් කර තිබුණු කිලෝ 1570 ක්
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ගෝනගංආර පොලීසිය ඒකාබද්ධව යාල රක්ෂිතයේ ඊයේ (18) කරන ලද වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 1570 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගංජා තොගය සමඟ දේශියව නිශ්පාදනය කළ ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
යාල වන රක්ෂිතය තුළ කිමී 08 ක් පමණ දුරක පහසුවෙන් ළඟා වීමට නොහැකි සුහන්දිරම්ආරු ප්‍රදේශයේ අක්කර 4 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගාකර සූක්ෂම ලෙස අලෙවි කිරීමට සකසා තිබියදී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු ගෝනගංආර පොලීසිය විසින් සිදුකරනු ලබයි.